සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

120 වී මිල අකුලා ගන්නේ නැතිනම් අරගල කරලා මේ ආණ්ඩුව පළවා හරිනවා… මහවැලි ගොවියන් පිරිසකගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

වී කිලෝවක් සඳහා රජය නියම කරන ලද සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, එය සංශෝධනය කර, අවම තරමේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක මිලක්වත් නියම කරන ලෙසත්, එසේ නොකරන්නේ නම්, පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ සියලු ගොවි සංවිධාන ඒකාබද්ධව, රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද වී මිලට එරෙහිව පළාත් හා ජාතික මට්ටමින් දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවත් මහවැලි බි කලාපයේ සේනපුර කොට්ඨාස ගොවි සංවිධානයේ උප සභාපති කපිල සිරිල් පතිරණ සඳහන් කරයි.

වර්තමානයේ බොහෝ ගොවීන් වී අස්වනු අමුවෙන් අලෙවි කිරීමට පුරුදු වී ඇති බවත්, එම වී පෞද්ගලික වෙළඳුන් තරගකාරී අයුරින් තුට්ටු දෙකට මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, අමු වී කිලෝවකටද සහතික මිලක් නියම නොකිරීම පිළිබඳ රජයට දැඩි අප්‍රසාදය පල කරන බවත් කපිල සිරිල් පතිරණ පැවසුවේය.

රජය හාල් හා වී සඳහා සහතික මිල නියම කිරීමේ වාසිය ලැබෙන්නේ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී මෝල් හිමිකරුවන්ට බවද ඔහු කීවේය.

පොළොන්නරුව වැලිකන්ද මොනරතැන්න ශ්‍රී ධර්ම විජයාරාමයේදී අද 06 පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කපිල සිරිල් පතිරණ ඒ බව සඳහන් කළේය.

” තව දින දහයකින් පහළවකින් පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ මහ කන්නයේ වී අස්වනු නෙලනවා. තාම වී ගබඩා සූදානම් කරලා නැහැ,. ඒ වගේම වී ලබාදෙන්න අපි ගබඩා ළඟට යන්න ඕනේ. ඒවට ගොවියා විශාල ප්‍රවාහන වියදමක් දරන්න වෙනවා. රජය නියම කරපු මිල කිසිසේත්ම සාධාරණ නෑ. ”

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“නාමල් කරුණාරත්න මහතාත් පොළොන්නරුවේ ටී. බි. සරත් මහතා එදා සමස්ත ලංකා ගොවි සංවිධානය නියෝජනය කරද්දී මේ ප්‍රදේශවලට ඇවිත් අපිවත් විරෝධතාවලට පොළඹවලා කුඹුරුවලට බැහැලා කෑ ගැහුවා වී කිලෝවක් සඳහා රුපියල් 150 ක් මිලක් නියම කරන්න කියලා. අද ලැජ්ජ නැතුව නාඩු වී කිලෝවකට රුපියල් 120 ක් නියම කරනවා, ඒවගේම සම්බා කිලෝවකට රුපියල් 125 කුත්, කීරි සම්බා කිලෝවකට 132 කුත් නියම කරන්න හදපු නිර්ණායක මොකක්ද කියලා අපි කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් අහනවා,

වී කිලෝවක් නිෂ්පාදනය කරන්න අපට රුපියල් සීයත් එකසිය දහයක් විතර මිලක් යනවා. නුවර ඉන්න ලාල් කාන්තලා දන්නේ තේ ගොවියාගේ තොරතුරු විතරයි. අපට වී ගොවිතැන කරලා ලාභයක් ගන්න නම් ඇත්තටම වි කිලෝවකට රුපියල් 150 ක මිලකටත් යා යුතුයි. ඉතින් එදා කුඹුරට බැහැලා පාරේ උද්ඝෝෂණය කරපු නාමල් කරුණරත්නලා, ටී. බී. සරත්ලා අද බලයට පත්වුණාට පස්සේ වී ගොවියා අමතක කරමින් වලපල්ලට දාන්න පටන් අරන්. අපි බය නැතුව කියනවා ගොවියා වලපල්ලට දාලා කිසිම ආණ්ඩුවකට පැවැත්මක් නෑ කියන එක. මේ වී මිල හකුලා ගත්තේ නැත්නම් අපිත් අරගල කරලා මේ ආණ්ඩුව පලවා හරින්න සූදානම් බවද සිරිල් පතිරණ මෙහිදී කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී, මොණරතැන්න ඩී 02 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ, සභාපති සුජාන් කුමාර සහ රුහුණෙකත බෙදුම් ඇළ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික බී.එම්. සරත් ද කතා කරමින් ප්‍රකාශ කළේ රජය වී කිලොවක් සඳහා ලබාදුන් සහතික මිල වහාම හකුලාගෙන, වි කිලෝවක් සඳහා රුපියල් 150 ක මිලක්වත් නියම කරන ලෙසයි.

මෙම මාධ්‍ය හමුව සඳහා මහවැලි බි කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාශයේ ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ගොවීන් සහභාගී වී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලය දැඩි ලෙස අවභාවිත කළ නීතිපතිට දෝෂාභියෝගයක් ගෙනෙන්න… ලසන්තගේ දියණිය අහිම්සා අගමැතිනියගෙන් ඉල්ලයි…

Next Post

වී සඳහා සහතික මිල සාධාරණයි… සහතික මිල හෝ සහල්වල පාලන මිල වෙනස් කරන්නේ නෑ… වෙළෙඳ ඇමති කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.