සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී සඳහා සහතික මිල සාධාරණයි… සහතික මිල හෝ සහල්වල පාලන මිල වෙනස් කරන්නේ නෑ… වෙළෙඳ ඇමති කියයි!

by editor
පෙබරවාරි 6, 2025 - Updated on පෙබරවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වී සඳහා සහතික මිල තීරණය කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පර්යේෂණ දත්ත මත ලබා ගත් පිරිවැයට සියයට තිහක මුදලක් එකතු කිරීමෙන් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධනයවසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු අවධාරණය කළේ මේ වී මිල ගොවියාට සාධාරණ බවත් ආණ්ඩුව පනවා ඇති සහල් පාලන මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇති බවත්ය . පාලන මිලට වැඩිපුර සහල් අලෙවි කරන සියලුම වෙළෙන්දන් අත් අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය හරහා රට පුරා දැඩි මෙහෙයුම් ආරම්භ කරන බවද ඇමතිවරයා පැවසුවේය.

වසන්ත සමරසිංහ ඇමතිවරයා මේ බව පැවසුවේ විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වනවිට ප්‍රායෝගික වී නැති සහල් මිල සම්බන්ධවත් ඉදිරියේ දී ප්‍රායෝගික වීමට ඉඩක් නැති බව සැලකෙන පාලන මිල සමබන්ධවත් මෙසේ ප්‍රශ්න කළේය.

“ඊයේ මහ බැංකු වාර්තාව අනුව සම්බා උපරිම සිල්ලර මිල 240යි. අලෙවි කරලා තියෙන්නේ 250ට. නාඩු 230ට තියෙන්න ඕන. අලෙවි කරලා තියෙන්නේ 250ට. මේ පිටකොටුවේ. ඊලඟට දඹුල්ල 240යි උපරිම සිල්ලර මිල. නමුත් 243ට අලෙවි කරලා තියෙන්නේ. නාඩු 230ට තිබුණත් අලෙවි කරලා තියෙන්නෙ 232යි. කැකුළු 220ට තිබුණට අලෙවි කරන්නේ 223යි.

මේ කාරණා එකක් ගත්තම 130ට වී මිල දී ගන්නවා කියලා කිව්වත් 120ට කියලා දාලා තිබුණා. සම්බා 120යි. කීරී සම්මාබා 132යි. ඒවා වියලි තෙත ගන්නේ නෑ. ඒ අනුව 120ක් දීලා තියෙන්නේ නිශ්පාදන වියදමට සියයට 30ක් එකතු කරලා කියලා. මේ ගාන සියල්ලම එකතු කළාම 114 කියලා ගත්තොත් නිශ්පාදන වියදම විශාල වියදමක් යනවා ගොවියට. රුපියල් 140 පන්නලා යනවා. නමුත් ඔබතුමාලට 120 මේක තියලා තියෙන්නේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ නිසා ගොවීන්ගේ විශාල ඉල්ලීමක් තියනවා රුපියල් 140කට වී මිලදී ගන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා. දැන් මේ 120ට ගත්තත් මේකට රුපියල් 60ක විතර නිශ්පාදන වියදමක් යනවා කියලා කියනවා. එතකොට 120යි 60යි 180යි. නිශ්පාදන වියදම යනවා 54ක් එකත් කළොත් එලියට එනන්නේ රුපියල් 234කට. මේ ටික ආවට පස්සේ තොග මිල 244 පමණ වෙනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් සිල්ලර වෙළෙන්දත් රුපියල් 5ක් තියලා වික්කොත් අවසාන වශයෙන් 249ට මේක යනවා.

මේ පාලන මිල වැඩි කරනව ද?. ඔබතුමාලා දාලා තින පාලන මිල දැනටත් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් තුළ ඊට පස්සේ පාරිභෝගික අධිකාරිය දාලා ආපහු කුඩා වෙළෙඳසල් හිමියො අල්ලන්න කටයුතු කරනව ද?

දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේ දී ඇසුවේය. එයට වසන්ත සමරසිංහ දෙනු ලැබුවේ මෙවැනි පිළිතුරකි.

ඔබතුමා කිව්වා වගේම වෙළෙඳපලේ තියන හිඟය පාවිච්චි කරලා 230ට, 240ට සහල් විකුණද්දි ව්‍යාපාරිකයින් මේ හිඟය පාව්චි කරලා යම් ප්‍රමාණයකට මේ පාරිභෝගිකයින් සූරා කෑමට ලක් කළා. මේ අනුව පාරිභෝගික සේවා අධිකාරිය දිස්ත්‍රික්කවල ඒ ඒ ආයතනයන් ගැන මිල ගණන් එක්කම තියනවා.

අප වී මිල තීරණය කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ වී නිශ්පාදනය සම්බන්ධයෙන් ගොවියට මිලක් තීරණය කිරිමට අදාල ගණනය කිරීම් කරනවා. ඒ ගණනය කිරීම්වලට සලකා බලලා තමයි රජය වී මිලදී ගැනීම් සඳහා වී මිල තීරණය කළේ. ඒ නිසා ගොවියට පොහොර සහනාධාරය ලබා දෙනවා. ඒ වගේම ගොවියට වියදමක් තියනවා. ඒ වගේම ගොවියට මාස දෙකක තුනක කාලයක් තියනවා වගා කටයුත්තක් ආදායමක් නැති කාලයක්. ඒ කාලයට ඔහු ජීවත් වෙන්න ඕන. නාමල් කරුණාරත්න ඇමති තුමාලා ඒක කියලා තමයි නිශ්පාදන වියදමට තව කොටසක් එකතු කරලා රුපියල් 120කට වී මිල තීරණය කරලා තියෙන්නේ.

ඒ නිසා 120 මිල තීරණය කළාම සාමාන්‍ය වී කිලෝ 1.6ක් යනවා සහල් කිලෝවක් හදන්න. රුපියල් 120ට ගත්තම වී කිලෝ එකක් 1.6න් වැඩිකලාම රුපියල් 192යි. හාල් කිලෝවක වටිනාකම වෙන්නේ රුපියල් 192යි. ඒ නිසා වී සහල් කරන්න යන විදයම ගත්තම ලොකුම සහල් මෝල් හිමියට යන්නේ වී සහල් එකකට රුපියල් 30යි. මධ්‍යම පරිමාන මෝල් හිමියෙකුට යනවා රුපියල් 21ක්. සාමාන්‍යයෙන් දවසකට වී කිලෝ පහලොස් දාහක් විසි දාහක් කොටන වී මෝල් හිමියෙකුට යනවා   රුපියල් 15ක්. කිලෝ පන්දාහක් කොටන වී මෝල් හිමියෙකුට යන්නේ රුපියල් 08යි. මේ සියලු ගණන් මිමි අපි අරන් තියනවා.

ඒ නිසා මේ අතර තමයි මේ ප්ලේ එක සිද්ධ වෙන්නේ. රුපියල් 192ට වී කොටනකොට, රුපියල් 192 ඉඳන් රුපියල් 218 දක්වා මේ ප්ලේ එක තියනවා. හැබැයි මහා පාරිමාණ මෝල් හිමියගේ ඉතිරි කොටස කියන්නේ නෑ ගරු මන්ත්‍රී තුමා. තව සියයට 14-15ක් තියනවා අතුරු නිශ්පාදන. හුණු සහල් රයිස් පොලිෂ් වී සහ දහයියා. දහයියා කිලෝ එකක් රුපියල් 11ක්. ඒවත් මේක ඇතුළෙ තියනවා. ඒ නිසා මේ මිල යටතේ අපි දැනට පවත්වාගෙන යන 230 මිලටත් අඩුවෙන් සතොස මේ සතියෙ ටෙන්ඩර් එකටත් අපට සහල් ලැබිලා තියනවා.

මෙවර රතු සහලුත් ලැබිලා තියනවා. පසුගිය දවස්වල වෙළෙඳපලේ තිබුණ තත්ත්වය අනුව වෙළෙඳපලට අදාලව ඔබතුමා අහන ප්‍රශ්නය හරි. හැබැයි රජයක් ලෙස අපි අවශ්‍ය විදිහට අප මැදිහත් වුනා. මේ මිල පාරිභෝගිකයාටත් ගොවියාටත් සාධාරණයි. ඒ මිල පවත්වාගෙන යන්න අපි කටයුතු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

120 වී මිල අකුලා ගන්නේ නැතිනම් අරගල කරලා මේ ආණ්ඩුව පළවා හරිනවා… මහවැලි ගොවියන් පිරිසකගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!

Next Post

ගිනි ගත්තු ගෙට කෙහෙළිය ලක්ෂ 959ක් වන්දි අරන්… ජොනීට ලක්ෂ 934ක්… 43 දෙනෙක් කෝටි 122ක් වන්දි අරන්…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.