සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙපා තිරිසන්නු සංචාරකයින්ට කොටි පෙන්වන්න සුනඛ ඇමක් විල්පත්තුව ඇතුළට ගෙනිච්ච ද? ( වීඩියෝ සහිතයි)

by editor
පෙබරවාරි 2, 2025 - Updated on පෙබරවාරි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොටියෙකු සහ සුනඛයෙක් අතර පොරබැදීමක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොටියා යාල කැලේ සිටිනා විශාලම කොටියා ලෙස සැලකෙන නෙළුමා ය. නෙළුමා සමග සටන් වදින සුනඛයා ජීවිතය බේරා ගන්නේය. මේ ඉන්නේ ඒ තුවාල ලද සුනඛයා ය.

ඒ අවස්ථාවේ දී නෙළුමා අදාල සුනඛයා ගොදුරු කරගැනීමට උත්සාහ කරන අයුරුත් සතුන් දෙදෙනා පොරබදන අයුරුත් අවසානයේ දී සුනඛයා පණ බේරාගෙන පලා යන අයුරුත් වීඩියෝ ගත කර තිබේ. ඒ දේශිය සංචාරකයින් පිරිසක් විසිනි

මේ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි මස 29 වැනිදා පස්වරු දෙකට පමණය. සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ විල්පත්තු වනෝද්‍යානයේ හුණුවිලගම පිවිසුමේ සිට කිලෝ මීටර 15ක් පමණ දුරකින් මේ සුනඛයා සිටි බවය. ඒ ප්‍රදේශය තුළ මිනිස් වාසයක් නැත. ආසන්නම හේන් වගා ප්‍රදේශවලටත් සැලකිය යුතු දුරකි. මේ සුනඛයා මේ තරම් දුරක් වනය තුළට පැමිණි ආකාරය සම්බන්ධව ගැටලුවක් ඇති වී තිබේ. එසේ එනවා නම් ඉතාම අහම්බයකිනි. සුනඛයින් මුව පැටවුන් වැනි කැලෑ සතුන් ආහාරයට ගන්නා බවත් ගම් ආසන්නයේ සිටිනා එවැනි සුනඛයින් වාර්තා වී ඇති බවත් වනජීවී අංශ කියයි. එවැනි සතෙක් කිලෝ මීටර 15ක් වුවද කැලෑව තුළට පැමිණිය හැකි බවට මතුවන තර්කයකි.

එහෙත් මූලිකම සිද්ධාන්තය ඔය කියන වර්ගයේ සුනඛයින් සිටිනවා නම් එසේ එන සුනඛයෙකුට කැලෑව හුරු වීම අනිවාර්ය ය. ඌට කැලෑ සතෙකු තරම් කැලෑව ගැන ඉවක් තිබිය යුතුය. ඌ ගමේ පාරක් දිගේ ආතල් එකේ ඇවිද යනවා සේ කලෑවේ ඇවිද යන්නට සිතනවා නම් ඒ සුනඛයා කිලෝමීටර 15ක් කැලේ ඇතුළට එන්නට පෙර කළ යුතු දේ කරගෙනයය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

මේ සුනඛයා ඇමක් ලෙස නොගත් බව කියන්නට මේ වනවිට සෆාරි කාරයෝ දිවුරමින් වැළලෙති. එහෙත් සිදුවන දේ දකින ඔළුවක් ඇති ඕනෑම එකෙකුට සිද්ධිය තේරුම් ගත හැකිය.  මේ ඒ සිදුවිමය.

මේ වීඩියෝව පටිගත වී ඇති ආකාරය විචක්ෂණව බලන ලෙස ඉල්ලා සිටිමු. පසුපසින් ඇති සෆාරි රිය ඉදිරියෙන් සුනඛයා යමින් ඇත්තේ නුහුරු පරිසරයකට එක්වරම ඇදවැටුනාක් වැනි අන්ද මන්ද වූ ගමනකි. මිනිස් වාසයක සිට කිලෝ මීටර 15ක් වනෝද්‍යානය තුළට එන සතෙක් ප්‍රකට නොකරන තරමේ අනාරක්ෂිත ආගන්තුක ස්වරූපයක් මේ සුනඛයාගේ හැසිරීමෙහි දැකගත හැකිය. ඌ මරණීය බියෙන් දිව යන්නේත් ජීවිතය වෙනුවෙන් දිවියා සමග සටන් කරන්නේත් බලාපොරොත්තු නැති මොහොතක ඇති වූ කම්පනයක් නිසා බව පැහැදිලිය.

එමෙන්ම පෙනීයන තවත් කාරණයක් වන්නේ වීඩියෝ දර්ශනයක් සදහාම අවශ්‍ය පසුතලයක් කල් තියා සූදානම් කර තිබූ ආකාරයකි. වීඩියෝ කරන කෝණයේ කොටියා සහ සුනඛයා මාරුවෙන් මාරුවට දර්ශනයට හසුකරගන්නා ආකාරය පෙනේ. පසුපසින් එන සෆාරි රථය නවත්වාගෙන සිට දර්ශනයට ඉලක්ක සිදුවීමට ඉඩ හසර සලසන ආකාරයත් ඕනෑම ගොබ්බයෙකුට තේරුම් ගත හැකිය. අනතුරුව දඩමට පනින කොටියා සුනඛයා නිසා තුවාල ලබා පලා යන අයුරුත් තුවාල ලැබු සුනඛයාගේ දුක්ඛිත දර්ශනත් ඉතිරි වී තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව අපක්ෂපාතීව පරීක්ෂණයක් කරනවා නම් මේ සිදුවී ඇති තුච්ඡ අපරාධය රටට හෙළිවනු ඇත.

කිසිවෙක් සුනඛයා වනය තුළට ගෙනැවිත් කොටියාගේ ගොදුරක් වන්නට මුදා හැරියා නම් වනජීවි නිලධාරීන්ගේ ඇසින් මිදී එවැන්නක් කළ ආකාරය ගැන විමසිය යුතුය. සෑම සෆාරි රථයකම යන මගපෙන්වන්නන් ගේ භූමිකාව නැවත ප්‍රශ්න කළ යුතුය. වනජීවී නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි මාධ්‍යයට ප්‍රකාශ දෙනු දුටුවෙමු. පරීක්ෂණයක් පවත්වන බව කියා සපථ වෙනු බලා සිටියෙමු. වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සත්ත්වය වනෝද්‍යානය තුළට පැමිණි ආකාරය ගැන පරීක්ෂණයක් පවත්වන බවය.

අප කියන්නේ අපට පෙනෙන රටටම තේරෙන අමනුස්සකම් වළ දමන්නට උත්සාහ නොකළ යුතු බව පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සන්ධානගත වෙන්න කරන සාකච්ඡාවල වෙන දේ මම දන්නේ නෑ… මම කරන්නේ පිටිපස්සට වෙලා බලන් ඉන්න එක… හර්ෂ කියයි!

Next Post

හැරී දිවි ගමන හැර යයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.