රජය වී මිල තීරණය කර දැන් සති දෙකකට ආසන්න බවත් සහතික මිල ප්‍රකාශ කරගැනීමට නොහැකිව සිටින්නේ නාඩු වියලි වී කිලෝවක මිල රුපියල් 115ට සහ තෙත වී කිලෝවක මිල රුපියල් 95කට මිල නියම කර ඇති නිසා බවත් එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද (02) පොලොන්නරුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවේය.

තවමත් පුද්ගලික අංශය රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට වී ලබා ගන්නා බැවින් මෙම මිල ප්‍රකාශ නොකරන බව ද ඔහු හෙළි කළේය. මේ වී මිල ප්‍රකාශයට පත් කිරීමෙන් ගොවි ජනතාවගෙන් බරපතල විරෝධයක් එල්ලවීමේ අවදානමක් ද පවතින බව මේ වනවිට වාර්තා වී තිබේ. නිශ්පාදන වියදම අනුව යම් යහපත් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් අඩුම තරමින් රුපියල් 130කට වී මිල නියම විය යුතු බවත්, මේ රජය පත් කරගත්තේ ඒ අභිලාෂයෙන් බවත් මේ වනවිට ගොවි ජනතාව ප්‍රකාශ කරමින් ඇත.
වී මිල සම්බන්ධව හෙළි දරවු කරමින් එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මෙසේ පැවසුවේය.
රජය සහතික වී මිල තීරණය කරලා දැන් සති තුනකට අධික කාලයක් වෙනවා. නාඩු වී කිලෝවක රජයේ සහිතක මිල රුපියල් 115යි කියන කාරණය රජයට කියාගන්න බැරිව දඟලනවා.
මේ වෙනවට ඔඩපන ණයවලට අදාලව බැංකුවලට දැනුම් දීලත් ඉවරයි නිල වශයෙන්. නාඩුවට 115යි කියන කාරණය. තෙත වී කිලෝ එකක රුපියල් 95යි ආණ්ඩුවෙ මිල. සම්මා කිලෝ එකක සහතික වී මිල රුපියල් 120යි.
ඒක තමයි රජයේ සහතික මිල. හෙට හෝ අනිද්දා කැබිනට් එකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මිල.
කැකුළු වර්ග 220යි. නාඩු 230යි. සම්බා 240යි. කීරි සම්බා 260යි කියන සහල් මිල මත පදනම් වෙලා ඒ මිල මත යන්න පුලුවන් උපරිම වී මිල මොකක් ද කියන එක හඳුනා ගැනීම තමයි ආණ්ඩුව මේ දවස්වල කරමින් ඉන්නේ.
තවමත් ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුනේ පුද්ගලික අංශය විසින් රජය නියම කරලා තියන වී මිලට වඩා වැඩි මිලක් ගොවියාට නියම කර තිබෙන නිසා.
එකසත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පැවසුවේය.







