සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුර දකුණ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකමුතුවීමේ ජනතා අභිලාෂය ජනපතිගේ යාපනය සංචාරයේ දී පෙනුනා… කාදිනල් හිමියෝ කියති!

by editor
පෙබරවාරි 2, 2025
in පුවත්
cadinal
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සියලුම ජාතීන් ආගමිකයින් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්වීම මේ මොහොතේ ඉතාම වැදගත් බවත් එම ජනතා අභිලාෂය ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයේ දී අත් දුටු බවත් කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (01) නිට්ටඹුව මීසමට අයත් ඉතිහාරිය කලගෙඩිහේන ප්‍රදේශයේ ඉදිකළ දේව මාතාවන් හට කැපකළ අභිනව නව දේවස්ථානය ආසිරි ගැන්වීමට එක්වෙමිනි.

සියලුම ජාතීන්ට සියලුම ආගමිකයින්ට පැමිණ විඩා නිවාගත හැකි අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ලෙස සැලසුම් කර ඇති මෙම දේවස්ථානය ආසාරි ගැන්වීමෙන් අනතුරුව කළ දේශනයේ දී කාදිනල් හිමියෝ මෙසේ ද පැවසූහ.

“තරගකාරිත්වය, නීති රීති සහ ඉන් ලැබෙන පීඩනවලින් තැලී පොඩිවී ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය සෞම්‍යශීලී ලෙස ජීවත් විය යුතු පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි.

ශ්‍රී ලංකාව තුළත් අපි එය දකිනවා. ඉතාම සංවේදී ලෙස අපේ ජනතාව බලපොරොත්තු වෙනවා සෞම්‍යශීලී මෘදු ගතිගුණ. නීති රීති බලපුලුවන්කාරකම්,  චන්ඩිකම් තමන්ගේ දේශපාලන ශක්තිය යොදවලා මිනිස්සුන්ව තලා දැමීම යටපත් කිරීම සිදු නොකර මෘදු අවංක සෞම්‍ය යහපත් ගතිගුණවලින් තමන්ගේ ජීවිත පුරවා ගත යුතුව තිබීම අද ලොකු අවශ්‍යතාවයක්.”

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මා දැක්කා ඊයේ අපේ ජනාධිපති තුමා යාපනයට ගිය වෙලාවේ ඒ ජනතාව දක්වපු ආදරණීය පිළිගැනීම. එතැනදි එතුමා ඉතාම නිහතමානී විදිහට ඒ අය සමග සංකලනය වෙලා ඒ අය සමග මිශ්‍ර වෙලා ඒ අය අතර ඉතාම හොඳ මිතුරෙක් සහෝදරයෙක් වගේ එකතු වුනා. මා හිතන්නේ එය අපේ රටේ සෑම දේශපාලන නායකයෙකුටම ඉගෙනගත හැකි පාඩමක් විදිහට මා හඳුන්වා දෙන්නට කැමතියි. .

අද සමාජය තුළ මේ සංකීර්ණත්වය මිනිස්සුන්ව නීති රීතිවලින් තලලා පෙළලා මිනිස්සුන්ව අසහනයට පත් කරන්නට උත්සාහ කරනවාට වඩා සෞම්‍යශීලී මෘදු ක්‍රමවේදයක් ඇති කරලා සහෝදරත්වය වර්ධනය කරලා සුහදතාවය වර්ධනය කරලා අපේ රටේ ජීවත්වන සෑම ආගමිකයෙක්ම, සෑම පුරවැසියෙක්ම සහෝදරත්වයෙන් අප රට තුළ එකමුතු කිරීම තමයි අපට ලැබිලා තියන ලොකුම අභියෝගය.

එක්දාස් නවසි අසූ ගණන්වල මේ රටේ පටන් ගත්තු ඒ අවසානාවන්ත යුද්ධය නිසා අපේ රට කෑලි කෑලිවලට කැඩෙන ස්වරූපයකට යන්න පටන් ගත්තා. දැන් අපිට තියන අභියෝගය තමයි අපේ රට නැවත එකමුතු වීම. එසේ එකමුතු වීමේ අභියෝගය සහිත කාලයක් දැන් පැමිණ තිබෙනවා. ඒ එකමුතු වීමේ ආශාව අපි දුටුවා ඊයේ අපි දැකපු දර්ශනවලින්…. කාදිනල් තුමෝ කීහ.

Share69Tweet43
Previous Post

හැම වර්ගයකම වී කිලෝවක මිල රුපියල් 96 යි… ගොයම් කැපුම් කුලියවත් හොයා ගන්න බැරිව වව්නියාව ගොවීහු වැලපෙති!

Next Post

රජයේ සහතික වී මිල ගොවීන්ගේ ප්‍රාර්ථනා බිඳියි ද?… කන්දක් විළි ලා වදන්න හදන්නේ මී පැටියෙක් බවට හෙළිදරව්වුක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.