ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) සභාපති එන්.බී.එම්. රණතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
වත්මන් රජය බී.එම්. රණතුංග එම තනතුරට පත්කර ඇත්තේ 2024 ඔක්තෝබර් 10 වැනිදාය.
NPP රජය බලයට පත්වීමෙන් පසු ඉහළ පෙළේ සභාපති ධුරයකින් ඉවත් වූ තුන්වන පුද්ගලයා ඔහුය.
මේ සතිය මුලදී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සභාපති රමාල් සිරිවර්ධන ද ඉල්ලා අස්විය.
පසුගිය මාසයේදී ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.







