දිනසේන රතුගමගේ –
යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වයස අවුරුදු 14 ක දැරියක් බලහත්කාරයෙන් දූෂණය වීමේ සිද්ධියක් මත එම ,මධ්‍යස්ථානයට ඊයේ ( 29 ) දා මුද්‍රා තබා ඇත.
වඩමරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මල්ලාකම් අධිකරණයේ නියෝගයක් මත ඒ මධ්‍යස්ථානයට මුද්‍රා තබා තිබේ.
දූෂණයට ලක් වූ දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසද අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබේ.
මෙම මධ්‍යස්ථානයෙන් ටැටූ කෙටීමට ගිය බාලවයස්කාර දැරියක් ටැටූ කොටන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණයින් කීප දෙනෙකු විසින් දූෂණය කිරීම නිසා ඒ පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධියේ පරීක්ෂණ නිම වන තුරු අදාල පච්ච කෙටීමේ මධ්‍යස්ථානයට මුද්‍රා තබා ඇත්තේ මහජනතාවගෙන් එම මධ්‍යස්ථානය වෙත එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගැනීමෙන් හා දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සාක්කි රැසක් එම මධ්‍යස්ථනයේ තිබීම නිසාත්ය.
නෙල්ලි අඩි පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.







