බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට CID එන්න කිව්වේ ප්‍රකාශයක් ගන්න… අත් අඩංගුවට ගැනීමට තබා සැකකරුවෙක් ලෙස හෝ නම් කර නෑ…. අපේක්ෂිත ඇප ඉල්ලන්න අධිකරණයට ගිය මනුෂට විමර්ශන අංශ කියයි!

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සිදුවූ  සේවක වැඩසටහනට අදාලව හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දැනුම් දුන්නේය.

අදාල සිද්ධිය සම්බන්ධව තමන්ව ඇත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද (20) යළි කැඳවූ අවස්ථාවේදී ය.

නඩුව කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර විදේශ සේවා නි කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
හිටපු අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් 23 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් සිද්ධිය සම්බන්ධව තවත් පුද්ගලයින් 35 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධව කරන විමර්ශන ඉතාම සංකීර්ණ බවත්, එම නිසා හිටපු අමාත්‍යවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවත් විමර්ශන නිලධාරීහු පැවසූහ.

එබැවින් පෙත්සම්කාර මනුෂ නානායක්කාර සහ දේශපාලන බලධාරීන් සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බව අධිකරණයට දැන්වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී මනුෂ නානායක්කාර සැකකරුවෙක් ලෙස නම් කිරීමට හෝ අත් අඩංගුවට ගැනීමට සාක්ෂි මතුව නොමැති බවය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඉදිරි විමර්ශන පැවැත්වීම සඳහා අවශ්‍ය තොරතුරු කීපයක් ලබා ගැනීමට ප්‍රකාශයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පමණක් මතුව ඇති බැවින් එම ප්‍රකාශය ලබාදීමට මනුෂ නානායක්කාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දැනුම් දී ඇති බවත් ඔවුහු පැවසූහ.

එහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා සිටියේ සිය සේවාදායකයා හිටපු කම්කරු සහ විදේශ ඇමතිවරයා ලෙස ඔහු වෙත පැවරී තිබූ වගකීම ඉටු කිරීම පමණක් සිදුකර ඇති බවය.

නමුත් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශගත කිරීමේ මුවාවෙන් මිනිස් ජාවාරමක් සිදුකිරීම වැනි චෝදනා නගමින් සිය සේවාදායකයා අත් අඩංගුවට ගැනීමට උත්සාහයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රය ගොනු කර ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

තම සේවාදායකයා හෙට දිනයේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි 22 දා කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය දින නියමකළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි.ල.නි.ප යට නායකත්වය දෙන්න දයාසිරි ලෑස්තියි ලු…

Next Post

හොරු අල්ලන වැඩේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් කරගන්නට යද්දී ස්වාධීන පොලිස් කොමිසමත් බාල්දි පෙරලන හැටි ජනපති කියයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.