ලලිත් චාමින්ද –
-
විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිඟයක්…. විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 08කට අදාළව අනුමත තනතුරු 66ක් සඳහා කිසිදු වෛද්‍යවරයකු පත්කර නෑ…
-
ක්ෂේත්‍ර 12කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ…
-
විශේෂඥ සේවයේ යොදවා ඇත්තේ වෛද්‍යවරුන්ගේ කැමැත්ත අනුව මිස සේවා අවශ්‍යතාවය අනුව නොවෙයි…
-
විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ ක්ෂේත්‍ර 12ක් තුළ විශේෂඥ වෛද්‍යවරු 141ක් සේවයේ යොදවලා…
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිඟයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබු විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව සැසඳීමේ දී 2023 වර්ෂයේ නොවැම්බර් මස වනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම හිඟය පවතින බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 58කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837කි. එහෙත් විගණනයට ඉදිරිපත් කරණු ලැබු තොරතුරු අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 50කට අදාළව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2740කි.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 08කට අදාළව අනුමත තනතුරු 66ක් සඳහා කිසිදු වෛද්‍යවරයකු පත්කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොටඇත.
එහෙත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා තිබුණි.
විශේෂඥ වෛද්‍යවරුන් සේවයේ යෙදවිම සඳහා විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ ක්ෂේත්‍ර 12ක් තුළ විශේෂඥ වෛද්‍යවරු 141ක් සේවයේ යොදවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් වෛද්‍යවරුන්ගේ කැමැත්ත අනුව නොව අවශ්‍යතාවය මත විශේෂඥ ක්ෂේත්රයන් තෝරා ගැනීමට අනුමැතිය ලබා දි තිබුනද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊට අනුගත නොවී වෛද්‍යවරුන්ගේ කැමැත්ත අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනිමට ඉඩසලසා දී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.







