දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් ඊයේ (12) සවස වෙඩි තැබීමක් සිදුවී තිබේ.
කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ව්‍යාපාරිකයා ලවා ගේට්ටුව විවෘත කරවාගෙන සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සීරීම් තුවාලයක් හෝ නොමැතිව ව්‍යාපාරිකයාගේ ජීවිතය බේරී ඇති අතර ගේට්ටුවට අසල තාප්පයට වෙඩි පහර වැදී ඇති බව පොලිසිය කියයි.
වෙඩික්කරුවා පිස්තෝලයකින් වෙඩි තබා වෙඩි පහර වැරදුන පසු ව්‍යාපාරිකයා පසුපස පන්නන ආකාරයත් වෙඩි තැබීමෙන් අනතුරුව හිස් පතොරොම් කොපුව ද රැගෙන යන ආකාරත් සීිසීටීවී දර්ශනවල සටහන්ව ඇත .
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගෙන ඇති අතර, ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. සිද්ධිය දෙරණ රූපවාහිනිය වාර්තා කර තිබුණේ මෙසේය.







