තරගාවලිය දැනටමත් පරාදය. පළමු තරගය කඩුළු 09කින් පරාදය. වර්ෂාවෙන් බාධා වී පන්දු ඕවර 37කට සීමා වූ දෙවැනි තරගය ලකුණු 113කින් පරාදය. අවසන් තරගය පූර්ණ තරගාවලි පරාජයකින් හෙදී නොයෑම සඳහා ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවන් කරන සටනකි. දැන් ඕක්ලන්ඩ්වල තරගය පැවැත්වෙමින් ඇත. කාසියේ වාසිය දිනාගෙ පන්දුවට පහරදීම තේරූ ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුනු 290ක් රැස් කරගෙන තරගයක් දිය හැකි තැනයකය. නවසීලන්ත කණ්ඩායමට අප ලබා දී ඇති ජයග්රාහී ඉලක්කය ලකුණු 291.
නායක චරිත් අසලංක සහ අවිශ්කප්රනාන්දු හැර අනෙක් සියලු පිතිකරුවන් සැලකියයුතු වටිනාකමක් පිත්තෙන් එක් කර තිබිණි. අද තරගයේ අර්ධ ශතක 03කි. පැතුම් නිශ්ශංක පන්දු 42ක දී ලකුණු 66කි. එම ලකුණු 46 ලබා ගන්නේ අබාධයකට ලක් වී තාවකාලිකව ඉනිම අත්හැර ගොස් යළිත් පිටියට පැමිණෙමිනි. එය අත් නොහරින සටන්කාමී ඉනිමක් බව කිව යුතුව ඇත. කුසල් මෙන්ඩිස් පන්දු 48ක දී ලකුණු 54කි. ජනිත් ලියනගේ පන්දු 52ක දී ලකුණු 53කි. කමිඳු අර්ධ ශතකය ලඟටම ආවේය. ලකුණු 46ක දී දැවී ගියේය.

චරිත් අසලංක අද තරගයේ ලකුණු ලැබුවේ නැත. ඔහු ට මේ තරගාවලියේ ලකුණු අතරට එන්නට නොහැකි විය. අවිශ්ක ප්රනාන්දු ලකුනු 17ක් පමණි. චමිඳු වික්රමසිංහ ලකුණු 19ක්, වනිඳු හසරංග පන්දු 09ක දී හයේ පහර දෙකක් සමග ලකුණු 15ක්, මහීෂ් තීක්ෂණ පන්දු 08ක දී නොදැවී ලකුණු 11ක් ලැබුවේය.
පන්දු යැවීමේ දි මැට් හෙන්රි මේ තරගයත් ඔහුගේ කරගත්තේය. ඔහු කඩුළු 4ක් ලැබුවේය. ලකුණු 55ක් ලබා දුන්නේය. නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 55ට කඩුළු 02ක්, නේතන් ස්මිත් සහ මයිකල් බ්රැක්වෙල් කඩුල්ල බැගින් ලැබූහ.
නවසීලන්ත පිතිකරුවන් ලකුණු 291ක ජයග්රාහී ඉලක්කයක් අභියසය.







