ලලිත් චාමින්ද –
ජාතික තරුණසේවා සභාව විසින් තරුණ තරුණියන් කලාපිය ජාත්යන්තර් තරුණ වැඩමුළුවලට සහභාගි කරවිම සඳහා වෙන්කරණු ලැබු රුපියල් මිලියන 4.89ක ප්රතිපාදන මුදල් උපයෝගි කරගෙන සභාවේ අධ්යක්ෂක ජනරාල්වරයා, අධ්යක්ෂක ( කාර්මික හා වෘත්තිය පුහුණු) තරුණසේවා සභාවට සම්බන්ධ නොමැති කාන්තාවක් පමණක් විදේශිය සංචාරවලට සහභාගිවි ඇති බවට අනාවරණය වි ඇත.
ක්රියකාරි සැලැස්ම අනුව වෙන්කරණ ලද ප්රතිපාදන එම කාර්යයන් සඳහා යෙදවිමට කළමනාකරණය විසින් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ජාතික තරුණසේවා සභාව විසින් මේ සඳහා විගණනයට පිළිතුරු ලබා දි නොමැති අතර ජාතික තරුණසේවා සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.







