ලලිත් චාමින්ද –
මාස 17ක කාලය තුළදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ශ්‍රිලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන්වාර 548ක් ප්‍රමාද වී ඇති බවද එම ගමන්වාර පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව් ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එමෙන්ම 2022/2023 මුල්‍ය වර්ෂය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරිම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් 784,000ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි neo එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණි.
මෙම ගැටළු විසදිම සදහා බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බැව් ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ 2023/2024 මුල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







