බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇතුන් සහ ඇත් පැටවුන් සහිත 150ක අලි රංචුවක් ඔයාමඩුව NLDB ගොවිපල තුළ කොටුකර සාගින්නේ තියන්න තරම් මේ නිලධාරීන් තිරිසන් ද?

by editor
ජනවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රාවස්තිපුර, තඹුත්තේගම, විලච්චිය, මොරගොඩ, තන්තිරිමලේ වැනි ප්‍රදේශවලින් අලි ඇතුන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ගෙන ඒමට ගත් උත්සාහය අසාර්ථක ඇතුන් සහ ඇත් පැටවුන් ඇතුළු අලි ඇතුන් 150ක් පමණ ඔයාමඩුව ප්‍රදේශයේ කොටු වී සාගින්නෙන් පෙළෙන බව සත්ත්ව ගහණය පිළිබඳ මානුෂීය කළමනාකරණය සඳහාවන පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ අනාවරණය කරයි.

එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පැවසුවේ සතියකට අධික කාලයක් තිස්සේ ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළේ අලි ඇතුන් ආහාර නොමැතිව සිරකර ඇති බවය.

බොහෝ අලි ඇතුන් ප්‍රදේශයෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් NLDB ගොවිපල පරිශ්‍රයේ රැඳී සිටිති. මේ සිරගත කිරීම ඔවුන්ගේ රාත්‍රියේ ආහාර වෙත ප්‍රවේශ වීම හා ස්වභාවික සංක්‍රමණ මාර්ග අනුගමනය කිරීම වළක්වා ඇතැයි විශේෂඥවරු පෙන්වා දෙති.

පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අලි ඇතුන්ට ගොවිපළෙන් පිටව ගොස් ස්වභාවික සංක්‍රමණය නැවත ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස වෛද්‍ය නානායක්කාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“විල්පත්තුවට අලි ඇතුන් එලවන්නේ නම්, පවතින ආහාර මෙතරම් විශාල රංචුවකට ප්‍රමාණවත් නොවීම නිසා මාරාන්තික විය හැකියි. එමෙන්ම ඔවුන් පලවා හැරීම සඳහා රතිඤ්ඤා භාවිතා කිරීම හානිකරයි. එය අලි බිහිරි හෝ අන්ධ කර තුවාල ඇති කළ හැකියි. පැටවුන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකියි. එම අලි පැටවු අවුල් සහගතව මිය යා හැකිය, ”ඔහු පැහැදිලි කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. මෙයට පශු වෛද්‍යවරුන්, පරිසරවේදීන්, සත්ව විද්‍යාඥයන් සහ අදාළ සත්ව සුභසාධන සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

වෛද්‍ය නානායක්කාර පවසන්නේ අලින්ගේ සංචරණ සම්බන්ධයෙන් රජය අධීක්‍ෂණයක් කළ යුතු බවත්, සංක්‍රමණයේදී සිදුවන යම් දේපළ හෝ වගා හානියක් සඳහා වන්දි ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම ක්‍රමවේදයට සහයෝගය දක්වන අතර ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් එය ක්‍රියාත්මක කිරීමට පසුබට වීම අලින්ගේ පීඩාව තවත් උග්‍ර කරන බව ඔහු සඳහන් කළේය.

වරින් වර අලි ඇතුන් වෙනත් ස්ථානයකට ගෙන ඒමට ගත් උත්සාහයන් නිරන්තරයෙන් අසාර්ථක වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් අනවශ්‍ය බලහත්කාරයෙන් ප්‍රතිචාර දක්වද්දී ඇතැම් මාධ්‍ය මෙම ප්‍රශ්නය ආන්දෝලනයට ලක් කරමින් සමාජය තුළ පීඩනයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද වෛද්‍ය නානායක්කාර විවේචනය කළේය.

මහජන විරෝධය

වෙනත් ප්‍රදේශවලින් අල්ලාගත් වන අලි විල්පත්තු රක්ෂිතයට මුදා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔයාමඩුව ප්‍රදේශයේදී පසුගිය දින කීපය තුළ දැවැන්ත විරෝධතාවක් ආරම්භ විය.

ඔයාමඩුව, මානිංගමුව, ඇත්දත්කල්ල, දුනුමඩලාව, බණ්ඩාරගම, කදුරුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රදේශවාසීන් ඊට සහභාගි වූහ.
රජය ගන්නා ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ ප්‍රදේශවල ජනතාව අලි රංචුවල ග්‍රහනයට පත්වන බව ඔවුහු පැවසූහ. මෙම ප්‍රදේශවලත් වන අලි රංචු ගැවසෙන බව පෙන්වා දුන් ජනතාව එම වන අලි ඇතුන් වගාවන් විනාශ කර මිනිස් ජීවිත අවදානමට ලක් කරන ප්‍රමාණය බෙහෙවින්ම ප්‍රමාණවත් බවද මේ මිනිස්සු බලධාරීන්ට දන්වා සිටියහ.

ඔවුන් පෙන්වා දෙන්නේ තලාව, එප්පාවල, ගල්නෑව, නොච්චියාගම, කලාවැව සහ මිගලෑව යන ප්‍රදේශවලින් අල්ලාගත් වන අලි විල්පත්තු රක්ෂිතයට මුදා හැරීමෙන් පවතින තර්ජනය තවදුරටත් උග්‍රවන බවය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය

වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ස්ථාන මාරුව සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිගත් නමුත් එම තත්ත්වය විසඳීමට කටයුතු කරමින් සිටින බව අවධාරණය කර ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

“අපේ අවසාන ඉලක්කය විල්පත්තුවේ අලි ඇතුන් නැවත පදිංචි කිරීම” යැයි පැවසූ ඇය, අලි ඇතුන් අනතුරට පත්ව ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළාය.

අලි ඇතුන්ගේ සංචරනය සොයා බැලීමට සහ වැඩිදුර සහාය සැපයීම සඳහා ගුවන් හමුදාව සිකුරාදා සිට ගුවන් සමීක්ෂණ සඳහා සහාය වීම ආරම්භ කළ බව ද ඇය තහවුරු කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආදානිගේ ව්‍යාපෘති සමාලෝචනයට කමිටුවක්…

Next Post

අලුත් අවුරුද්දේ ක්‍රිකට් විපත…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.