අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් හෙට (06) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක් ගෙවීමට ඇතිකරගෙන තිබූ එකඟතාවය සමාලෝචනය කිරීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වෙයි. ( දෙරණ)







