ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක අතර අනියම් සම්බන්ධයක් පිළිබඳව ලංකාදීප පුවත්පත ස්වකීය ප්රමුඛ පුවත ලෙස අද දිනයේ වාර්තා කිරීමත් සමගම ෆේස් බුක් පිටු පුරා ඉලක්ක ගත මඩ ප්‍රහාරයට ලක් වන්නී කෞෂල්‍යා ය. එහෙත් එම සිදුවීම ඇයට සම්බන්ධ එකක් නොවුනි. පුද්ගලයින් දෙදෙනෙකුගේ අතිශය පුද්ගලික ජීවිත තොරතුරු ප්රමුඛ පුවතකොට රටේ ප්‍රධාන ජාතික පුවත්පතක් වාර්තා කිරීමත් සමග මාලිමාවේ කැපී පෙනන කාන්තා චරිත අනුමාන කරමින් ෆේස් බුක් මඩ ප්‍රහාර එල්ල වෙමින් තිබිණි.
ඒ සම්බන්ධව ඇය සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබිණි.
“සමාජ මාධ්‍යවල පැතිර යන ද්වේශ සහගත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවත්, විශේෂයෙන්ම මා ඉලක්ක කර පෞද්ගලිකව පළ කරන පුවත් පිළිබඳව… ඔව්. මම අද සී.අයි.ඩීයට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් දැම්මා.”
“කාන්තාවන් මේ පහත් ක්‍රමවලින් දේශපාලනය ඉවත් කිරීමට උත්සාහ කරනවා නම්, අපි ඔවුන්ට කියන්නේ මෙපමණයි… ඔබ තව තවත් උත්සාහ කරන්න!”
“සාමූහික ව්‍යාපාරයකින් බිහි වූ රජයක් මෙවැනි අසාර්ථක උපක්‍රමවලින් බිඳ දැමීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ ජීවිත කාලය පුරාම උත්සාහ කරන්න!”
“සිල්ලර කුමන්ත්රණවලට කරන දේශපාලන වශයෙන් අනාථ කණ්ඩායම් මැද අපි අපේ ගමන යනවා. මේ උපක්‍රමවලින් රජයට හානියක් වෙන්නේ නැහැ – අපේ කැපවීම වෙනස් වෙන්නේ නැහැ. ඔබ කුඩා උපක්‍රම සොයන විට, අපි දිගටම ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරනවා…”
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපිය පහත දැක්වේ.








