බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝල් කලන්තේ හැදුන තවත් පාර්ලිමේන්තු කුපාඩින් රොත්තක් ගැන සේවිකාවන් පිරිසකගෙන් කථානායකට පැමිණිල්ලක්…

by editor
දෙසැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සේවකයන් තලා පෙළා දමමින් ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන සේවකයන් කතානායකවරයාටද පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් ඇතුළු ප්‍රධානීන්ටද පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.

ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධානියකු ඇතුළු නිලධාරීහු දෙදෙනෙක් දැනට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටිති

එම පරීක්ෂණ මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඒ දෙදෙනාට දැඩි පියවර ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
.
කාන්තාවන්ට විවිධ ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා එල්ල වූ තවත් අංශයක සල්ලාල ප්‍රධානියෙක් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පසුගියදා විශ්‍රාම යෑමට නියමිත දිනට කලින්ම විශ්‍රාම යවනු ලැබීය.

මෑත කාලයේදී කාන්තාවන් ඇතුළු සේවකයන් හිරිහැරයට ලක් කිරීමේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ( Department of Information Systems And Management ) ඇතැම් ප්‍රධානීන්ටය.

මේ පිළිබඳවද සේවිකාවන් කිහිපදෙනකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඔවුන්ට පසුගිය දිනෙක දැඩි ලෙස අවවාද කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

කාලයක සිට සිදුවන අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව සේවිකාවන් කිහිප දෙනෙකු එම අංශයෙන් දැනටමත් ඉවත්ව ගොස් ඇත. සමහරුන් විදේශගතවූ බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාලයක් කටයුතු කළ හිටපු ප්‍රධානියාද තමන්ට අවනත නැති කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් නම් දැරූ සල්ලාලයකු බව තතු දත් පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 160ක් වංචා කර මිනිස්සුන්ට ගිනි දුන්න අඹු සැමි යුවල රිමාන්ඩ්!

Next Post

චරිත ඝාතනය කරමින් කරන එෆ්.බී නිග්‍රහයන්ට එරෙහිව මාලිමා මන්ත්‍රී කෞෂල්‍යා සී.අයි.ඩී. යයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.