සහල් හිඟය මගහැරිම සඳහා පුද්ගලික අංශයට සහල් ආනයට ලබා දුන් අවසරය ලබන වසරේ ජනවාරි මස 10 දා තෙක් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පසුගිය 09 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව දෙසැම්බර් මස 20 වනවිට එම සහල් ආනයනයට පුද්ගලික අංශයට ලබා දි තිබූ කාලය අවසන් වූ නමුත් පවතින වෙළෙඳපල තත්ත්වය සමාලෝචනය කර මෙම ආනයන කාලසීමාව ජනවාරි 10 තෙක් දීර්ඝ කළ බවය.
මුල් කැබිනට් තීරණය අනුව සහල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් රජයේ වාණිජ නීතිගත සංස්ථාව හරහා ආනයනය කර සතොස මගින් එම සහල් බෙදා හැරීමට තීන්දු කර තිබුණත් මතු වූ ප්‍රායෝගික ගැටලු කීපයක් නිසා සහල් ආනයනයට පුද්ගලික අංශය කැඳවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.







