මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසයි. මේ වාර්තාව නිකුත් වන්නේ අද උදෑසනින් නිමා වූ පැය 24 තුළ පමණක් රිය අනතුරු මරණ 08ක් වාර්තා වූ පසුබිමකය.
ජනවාරි 01 සිට දෙසැම්බර් 13 දක්වා කාලය තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව, 22 967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141කි. එනම් සමස්ථ රිය අනතුරුවලින් සියයට 09ක ප්‍රතිශතයක් මාරක අනතුරු ලෙස වාර්තා වී තිබේ.
එම අනතුරුවලින් 6500ක් බරපතල ගණයේ අනතුරු වි ඇත. එම කාලසීමාව තුළ වාර්තා වී ඇති සුළු අනතුරු සංඛ්‍යාව, 9127 ක්. ඒ අනුව දළ වශයෙන් සියයට 60ක් බිහිසුණු ප්‍රතිඵල ගෙනා රිය අනතුරුය.
මේ අතර ඊයේ (21) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 08ක් මියගොස් 62ක් තුවාල ලැබීය. ඉන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගියේ, හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙනි. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව, 46 ක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව පිවිසුම් අතර සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියේ ය. කැබිතිගොල්ලෑව ඇතුළු විවිධ ප්‍රදේවල සිදුවූ යතුරුපැදි අනතුරුවලින් තරුණයින් 03ක් මිය ගියේය.
වෑන් රථයක්, ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබු අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලැබුවේ, කඩුගන්නාවේදී බස් රථයක් ගසක ගැටීමෙනි.







