සමගි ජන බලවේගයෙන් කථා නායක ධූරයට යෝජනා කරන මන්ත්‍රීවරයාගේ නම අද සවස 4ට යෝජනා කරන බව නලීන් බණ්ඩාර අද (16) මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළේය. ඔහු ආචාර්යවරයෙක් හෝ පාඨශාලා ආචාර්යවරයෙක් හෝ කවුරුන් වුවත් නාම යෝජනාවක් විපක්ෂයෙන් ඉදිරිපත් වීම අනිවාර්ය බවය.
ඔවුන් ඉදිරිපත් කරන නම් සම්බන්ධව මේ වනවිට බරපතල තත්ත්වයක් මතුවි ඇත්තේ තමන් ද එම නම් සඳහා අනුමැතිය ලබා දී රැවටී ඇති නිසා යැයි ද නලීන් බණ්ඩාර පැවසුවේය.
එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදී පාර්ලිමේන්තුවට පැමිණ මේ වනවිට නියෝජ්‍ය කථානායක ධූරය හොබවන වෛද්‍ය රිස්වි සාලි සම්බන්ධව ක්‍රියාමාර්ග වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ගොනු කරමින් ආරම්භ කරන බවද ඔහු අවධාරණය කළේය.
රිස්වි සාලි සම්බන්ධව කටයුතු අප ආරම්භ කරන්නේ වෛද්‍ය සභාවට පැමිණිලි කරලා. ඉන් පස්සේ අනෙකුත් නීතිමය ආයතනවලට අපි පැමිණිලි කරලා එතුමාට එරෙහිව විශ්වාස භංගයක් අවශ්‍ය ද නැද්ද කියලා තීන්දු කරලා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
විශ්වාසභංග ගේන්න අවශ්‍ය නෑ. මේ කරුණු කාරණා අනුව රිස්වි සාලි මේ වනවිට ඉල්ලා අස් වෙලා තියෙන්න ඕන… ආචාර්ය රන්වල මහත්මයාට කලින් ඉල්ලා අස් වෙන්න ඕන විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි මහත්මයා. අපිත් හිතුවා මේ මිනිස්සු බොහොම උගත් බුද්ධිමත් කියලා. මම මගේ පළවෙනි කතාවෙදි කිව්වා මම හිතන්නෙ නෑ මෙතන ඉස්සරහා ඉන්න අය හොරු කියලා… දැන් බලනකොට අධ්‍යාපනයත් හොරකම් කරලා.







