දිනසේන රතුගමගේ –
යාපනයේ කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරණ ලෙස ඉල්ලමින් පැවැත්වෙන උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට ගිය පොලීසිය හා උද්ඝෝෂණකරුවන් අතර ඊයේ (14 ) සවස ගැටුමක් හට ගෙන තිබේ.
මෙම ගටුමේදී එක් පොලිස් නිලධාරියෙකු සුලු තුවාල ලබා ඇති අතර උද්ඝෝෂණ කරුවන් දෙදෙනෙකුද තුවාල ලබා තිබේ.
මෙම විහාරය නීති විරෝධී විහාරයක් බව කියමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ හිටපු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන් ඇතුලු පිරිසක් මීට දින කීපයක සිට විහාරයට ඇතුලු වන මාර්ගය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිති.
මීට පෙර අවස්ථා ගණනාවකදීද මෙම ස්ථානයේදි උතුරේ දෙමළ දේශපලනඥයින් විසින් විවිධ මාදිලියේ විරෝධතා සංවිධානය කොට තිබුණි.
වත්මන් රජය පිහිටුවීමෙන් පසුව යළිත් විරෝධතාකරුවෝ එම විරෝධතා අරාම්භ කොට තිබේ.
කලුකොඩි ඔසවා ගෙන සටන් පාඨ කියමින් විරෝධතකරුවෝ කෑ කෝ ගසන්නේ තිස්ස විහාරය ඉදිකොට ඇති ඉඩම පුද්ගලික ඉඩමක් වීමත් කන්කසන්තුරේ බෞද්ධයින් නොමැති ප්‍රදේශයක බෞද්ධ විහාරයක් ඉදිකිරීම නීති විරෝධී බවත් කියමිනි.
කෙසේ වෙතත් තිස්ස විහාරය ඉදිවන්නේ පෞරාණික ඓතිහාසික බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍ය සාධක මගින් සනාථ කළ භූමියකය. මේ අවස්ථාව මුල් කරගෙන උතුරේ කුප්‍රකට ජාතිවාදීන් පිරිසක් නිරන්ත ආගමික හා වාර්ගික ගැටුමකට අර අඳින අතර ඒ සඳහා විවිධ පාර්ශවවලින් දෙස් විදෙස් අනුග්‍රහය ද ලැබෙමින් ඇති බව වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව සනාථ කර ඇති රජයේ ප්‍රතිපත්ති තුළ මෙවැනි පන්නයේ ජාතිවාදී විෂබීජ වැලැකී යනු ඇතැයි පොදු අපේක්ෂාවක් පවතී.







