කීර්ති ප්‍රනාන්දු –
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රතව අඩු පිඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව ඇති බවත්, එම පද්ධතිය සෙමෙන් වර්ධනය වෙමින් එළඹෙන දින දෙක තුළ දී දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්රජාවත්, දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මෙම තොරතුරු විශ්ලේෂණය කර ජනතාවට ලබා දීමේ කටයුතු පැය විසි හතර පුරාම අඛණ්ඩව සිදුකරමින් තිබේ.
අද (15) දිනයේ දී මධ්‍යම නැගෙනහිර දකුණ සබරගමු පළාත්හි ඇතැම් ස්ථානවල මිලි මීටර සියය ඉක්මවන වැසි වාර්තාවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ දිනයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයටත් අනෙක් නිශ්ඡිත කලාපවලටත් ලබා දී ඇති නායේ යෑමේ නිවේදනය අඛණ්ඩව වලංගුවන බව ද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් බදුල්ල මහනුවර කුරුණෑගල මාතලේ දිස්ත්‍රික්ක වෙත ලබා දී ඇති නිවේදන ඒ ආකාරයටම වලංගු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.





