බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවරුන්ගෙන් කුණු බැනුම් ඇසූ පොළොන්නරුවේ වන ජීවී නිලධාරීන් ගැන හෙළි වන ඇත්ත මෙන්න

පරිසරවේදී නයනක රන්වැල්ල පැහැදිළි කරයි

by editor
නොවැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • නඩු දහසකට වඩා දිනා  දුන් නිලධාරියො…
  • වනජීවින්ට අහිමි වන්නට ගිය අක්කර දහස් ගණනක් බේරගෙන
  • ජාවාරම්කරුවන් වරක් එක් නිලධාරියකුගේ කකුල් දෙකම කඩලා

පසුගියදා සෝමාවතිය ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අත්පත් කර ගැනීම්වලට එරෙහිව කතා කිරීම හේතුවෙන් අමාත්‍යවරුන් දෙපළකගේ උදහසට ලක් වූ වනජීවී අඩවි ආරක්ෂකයින් දූෂිත පුද්ගලයින් බවට පාර්ලිමේන්තුවේ දී චෝදනා කිරීමට එම සිදුවීමට සම්බන්ධව පොළොන්නරුවේ දේශපාලකයා වන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කළේය. එක් නිලධාරියකුගේ නමක්ද සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ එම නිලධාරියා ප්‍රදේශාය් අනවසර වැලි ගොඩදැමීම් අතුළු නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බවය.

මේ පිළිබඳව ලංකාසරට අදහස් දක්වන මේ ගැටලුව අවස්ථාවේ මුල සිටම පෙනී සිටි පරිසරවේදියකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියකුද වන නයනක රන්වැල්ල මහතා පවසන්නේ විවිධ තර්ජන ගර්ජන මැද අදීන ව වන ජීවීන් ඇතුළු මේ රටේ පරිසරයේ අනාගතය වෙනුවෙන් රැක ගැනීමේ අවංක රාජකාරියක් කරන මෙම නිලධාරීන් එසේ හංවඩු ගැසීම අපරාධයක් බවය. ඔහු පවසන ආකාරයට මාධ්‍යවල පළ වන අල්පයක් පුවත්වලට අමතරව අද දේශපාලන බලය හමුවේ අසරණ ව හිඳින මේ නිලධාරීන් දිවා රෑ නොතකා සොච්චම් වැටුපක් ලබමින් පැය විසි හතර මුළුල්ලේ කරන කැපවීමේ තරම ගැන අල්ප හෝ අවබෝධයක් හෝ  පවතින්නේ නම් රොෂාන් රණසිංහ වැනි දේශපාලකයකු කිසි සේත් ඔවුන්ට එරෙහි නොවන බවය.

nayanaka
නයනක රන්වැල්ල

“මෙම නිලධාරීන් දෙදෙනාගෙන් පාර්ලිමේන්තුවේ ද නම කියවුණු වාසල නම් අඩවි වන ආරක්ෂකයා දීර්ඝ කාලයක් තිස්සේ මෙම වනජීවීන් ආරක්ෂා කිරීමට වගේම මෙම වන ජීවීන්ට අයත් භූමිය රැක ගැනීමට නිරන්තර  අරගල කළ කෙනෙක්. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ඔවුන් මේ වනවිට නීති විරෝධ ක්‍රියාකාරකම් ගණනාවක් හමුවේ ජාවාරම්කාරයින් විශාල පිරිසකට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවූ අයයි.ඔවුන් මේ වනෝද්‍යානයට අහිමි වෙන්නට ගිය අක්කර හාරදහසක පමණ ජාතියට රැක දුන් නිලධාරීන් දෙපළක්.

පරිසරවේදීන් විදිහට අප දන්නා තරමට ඔය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ වාසල කියන නිලධාරියා නිති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සෝමාවතිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පමණක් නඩු දහසක් පමණ හැසිරවූ  කෙනෙක්.  විශේෂයෙන් හරක් ප්‍රශ්නයට, දඩයම් වලට එරෙහිව සිදු කරන ලද අධිකරණ ක්‍රියාමාර්ගවලින් ජයග්‍රහණ ලබපු නිලධාරියෙක්.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ වගේම මෙම සිදුවීම සිදුවන විට නිල ඇඳුම් පැළඳගෙන සිටි වන ජීවී නිලධාරියා 200ද වසර් වන ජීවී දෙපාර්තමේන්තුවට බැඳුණු නිලධාරියෙක්. ඔහු සෝමාවතිය ජල ගැලුම් නිම්න වනොද්‍යානය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ කෙනෙක්. විශේෂයෙන් වනෝද්‍යානයට අයත් ඉඩම් නිති විරෝධි ආකාරයෙන් අල්ලාගෙන ස්ථිර නිවාස පවා මිනිස්සු ඉදිකර තිබුණා. විශේෂයෙන් ඔය වෙහෙරගොඩැල්ල වැනි ප්‍රදේශවල. ඔවුන්ට එරෙහි දැඩිව නිති ක්‍රියාත්මක කරල තනිවම උසාවි ගානේ ගිහින් නඩු ජයග්‍රහණ කරල වනජීවී දෙපාර්තමේන්තුවටත් රටටත් කිසිදු ලාබ වරප්‍රසාදයක් නැතිව රට වෙනුවෙන් රාජකාරිය කළ කෙනෙක්. ඔහු කෙතරම් හොඳින් නීතිය ක්‍රියාත්මක කළාද කියන එකද හොඳම සාකෂියක් තමයි ඔහු ඇතුළු කණ්ඩායමකට  එක වරක් ජාවාරම්කාරයින් පිරිසක් විසින් සිදු කළ ප්‍රහාරය.“

මස් වැද්දන්ගේ දඩයම්…

නයනක රන්වැල්ල මහතා පවසන ආකාරයට මෙය සිදුව ඇත්තේ 2005 වසර්දිය. ඔහු නමින් කුමාරසිරි විජේකෝන්ය. ඔහු ඇතුළු නිලධාරීන්ට ජාවාරම්කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් එක් වනජීවී නිලධාරියකුට ජීවිතයද අහිමි වී ඇත.

“ මෙම නිලධාරීන් තුන් දෙනකුට ජාවාරම්කාරයින් හොඳටම පහර දුන්නා. එක් වන ජීවී නිලධාරියෙක් මේ සිදුවීමෙන් මිය ගියා. මේ කුමාරසිරි විජේකොන් මහත්තයාගේ කකුල් දෙක උඩින් ජාවාරම්කාරයො ට්‍රැක්ටරයක් ධාවනය කළා. ඔහුගේ පාද දෙකම කැඩුණා. ඒ ට්‍රැක්ටරේ ම ටේලරයට පටවාගෙන ගිහින් ටේලරය ටිපර් කරල තමයි මේ සාහසිකයන් මෙම වන ජීවී නිලධාරියාව පාරට දාල තිබුණේ. ඔහුට මාස හයක් ඇවිද ගන්න බැරිව හිටියා. රක්ෂණ වන්දිය හම්බවෙලා තියෙන්නේ රුපියල් 3500යි. ඒකත් ඔහු කියල තියෙන්නේ ඔහුට එපා වන ජීවී අරමුදලකට දාන්න කියල.

මෙච්චර විපතක් වෙලත් මෙම නිලධාරියා  සුවය ලබා ඇවිත් තමන්ගේ පාඩුවේ හිටියේ නෑ. වන දිවිය රකින්න යළිත් දිවි හිමියෙන් වැඩ කළා. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට අනුව ඔහු මහා පරිමාණ ඇත් දළ ජාවාරමක් අල්ලාගෙන තිබෙනවා. ඔහු මේ ජාවාරම්කාරයන් අල්ලා ගෙන තිබෙන්නේ ඔහුගේ කණ්ඩායම එක්ක වෙස් වළාගෙන එල්.ටී.ටී ඊට පාලන ප්‍රදේශයට ගිහින්. එයින් ඇත් දළ ජොඩු ..අත් අඩංගුවට ගන්න හැකි වෙලා තිබෙනවා. වැලි ජාවාරම්කරුවන් රැසක් අල්ලාගෙන තිබෙනවා.

රක්ෂිතය තුළ දුම් ගසා වේලෙන මාළු

වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම  අගය කරමින් ඔහුට  2011 වසර්දී එවකට පොළොන්නරුව  දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ  නිමල් අබේසිරි මහතා ඔහුව අගය කරමින් ඇගයීමේ සහතිකයක් පවා නිතුක් කර තිබෙනවා එයින් පිටපතක් දිසාපතිවරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා යවා තිබෙනවා.

එදා පොළොන්නරුවේදී වන ජීවී රැකවරණයට සිටින බව කියන රාජ්‍ය අමාත්‍යවරයා තමන් ඇමති බවත් හැම දෙයක්ම දන්නා බවත් පවසමින්  “ලොකු ටොක් දාන්න එපා“ යයි තර්ජනය කළේ සැබැවින්ම මෙපමණ ලොකු වැඩක් කළ ලොකු කැපකිරීමක් කළ නිලධාරියකුටය. එසේම  හොරුන් තක්කඩින් ලෙස රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගොසින් හංවඩු ගැසුවේද මෙම නිලධාරීන්ය.

දැවැන්ත ගස් රක්ෂිතය තුළදීම ලෑලි වන අයුරු

 1984  දී ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කළ සෝමාවති ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයවිශේෂයෙන් වැදගත් වන්නේ එයින් සොමාවති ජාතික වනොදයානයත් වස්ගමුව ජාතික වනෝද්‍යානයත් අතර වන අලින්ට පහසුවෙන් හුවමාරු විය හැකි කොරිඩොවක් වීමය. එහි පවතින විල්ලු පරිසරය සුවිශේෂි පාරිසරික ලක්ෂණ රැසකින් සමන්විතය.   සෝමාවති  ජල ගැලුම් නිම්න ජාතික වනොද්‍යානය ට ඇති අතෝරක් නැති අර්බුද හමුවේ ඔවුහු පෙනී සිටින්නෝය. මෙම වනෝද්‍යාන සීමාව තුළ සිදුවන නීති විරෝධීො ක්‍රියාකාරකම් එමටය. එක් අතකින් හරක් ගාල් පවත්වාගෙන යන අතර තවත් ප්‍රදේශයක කුඹුරු අක්කර තුන් දහසක් පමණ අනවසරයෙන් වග කොට ඇත. ගව ගාල් පවත්වාගෙන යන්නට අනවසරයෙන් කැලෑ වදින ඔවුන්ගේ ඊළඟ අරමුණ දඩයමය. එයට සාක්ෂි සාධක ඕනෑ තරම් ඇත. මෙහි ඇති පාරිසරිකමය වශයෙන් අතිශයින්ම වටිනා කුඹුක් ගස් කපා බිම හෙළීමද ඔවුන්ගේ දරුණුතම ජාවාරමකි. මේ සියල්ල පසුපස සිටිනුයේ මෙ ප්‍රදේශවල සිටින පරිසරයට සංවේදී නොවන  එක්තරා ජන කොට්ටඨාසයකි.   දේශපාලකයන්ට මේ මොහොක් ඇති කැක්කුම මේ කොට්ඨාසයට සෙත සැලසීම නොවේ.

රක්ෂිතයේ පවත්වාගෙන යන ගව ගාල්

නයනක රන්වැල්ල මහතා පවසන්නේ මෙම දේශපාලකයන්ගේ යටි අරමුණ මේ නීති විරෝධි ක්‍රියාකාරකම් කරන අයට තම කටයුතු කරගෙන යන්නට ලයිසන් දී ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීම ම නොවේ. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වැලි ජාවාරම හසුවෙන් සිදු කර ැනීමට අවශය පසුබිම් නිර්මාණය කර ගැනීම බවය. ඒ සඳහා දැනට වසා අති මනම්පිටිය සිට වනොද්‍යානය හරහා යක්කුරේ, නුවරගල ප්‍රදේශයට වැටී ඇති මාර්ගය යළි විවෘත කර ගැනීමය. මේ සඳහා විරුද්ධ වන රජයේ නිලධාරීන් මේ දේශපාලකයන්ට මෙන්ම ජාවාරම්කරුවක්ටද බාධාවකි. ඒ බාධාව ඉවත් කිරීමට ඔවුන් ඊළඟට ගන්නේ කර පියවරක්ද යන්න පැහැදිලි නැත.

කෙසේ වුවද නයනක රන්වැල්ල මහතා පවසන්නේ පරිසරවේදීන් ලෙස තමන් මෙම නිලධාරීන්ගේ කැපවීම සහ ඇත්ත තත්ත්වය පිළිබඳව ගරු ජනාධිපතිවරයාගේ සහ අගමතිවරයාගේ අවධානයට ලක් කිරීමට සූදානමින් සිටින බවය. එයින් මේ ගැටලුවට විසඳුමක් හිමි වේ යයි ඔවුන් තුළ බලාපොරොත්තුවක් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා කලින් සැලසුම් කළ එකක් කියන කතාව අලි බොරුවක්

Next Post

බෙංගාල බොක්කේ තවත් සුළි කුණාටුවක් හැදෙන ලකුණු

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.