ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ කවුඩන්ගහ ප්රදේශයේදී අද (8) රාත්රියේ පුද්ගලයෙක් පිස්තෝල අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතකයා යතුරුපැදියකින් පැමිණ මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇත. ඝාතනයට ලක්වුන පුද්ගලයා ද යතුරු පැදියකින් යමින් සිටිය දී ඝාතකයා ඔහුට වෙඩි තබා ඇති බවත්, ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගිය බවත් පොලිසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







