විපක්ෂයේ ඉල්ලිමකින් තොරවම රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට රජය තීරණය කර ඇතැයි සභානායක බිමල් රත්නායක පැවසුවේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මුල් කාර්තුවේ දී විමසා බැලෙන්නේ පසුගිය ආණ්ඩුවට සම්බන්ධ දූෂණ සිද්ධි බැවින් කෝප් කමිටුවේ සභාපතිත්තවය රජය යටතේ තියා ගැනීමට තීරණය කර ඇති බව ද ඔහු කීවේය.
සභානායකවරයා පැවසුවේ මෙවැන්නකි.
රාජ්‍ය ගිනුම් කාරක සභාව සභාපති ධූරය විපක්ෂයට සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන්න තීරණය කරලා තියනවා. රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සාමාජිකයින් ප්‍රමාණය අපි වැඩි කරලා තියනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්.
ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීන්ට පුලුවන් කෝපා වගේ සභාපතිකම දෙනවා වගේම මෙම්බර්ස්ලා වැඩි කරලා තියනවා. කෝප් එකේ සභාපතිකම ආණ්ඩු පක්ෂයට අවශ්‍යයයි. පළවෙනි කාර්තුවේ දී පරික්ෂා කරන්න වෙන්නේ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නෑ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිත් කෝප් එක චෙයා කරනවට. ඒක සදාචාරාත්මක නෑ. සාමුහික වගකීමක් නේ.
පාර්ලිමේන්තු කාරක සභාවට මෙතෙක් පැවති ගණනට වඩා සවස්ථා 02ක් වැඩි කළ බවත් මහජන පෙත්සම් කාරක සභාවේ සාමාජිකයින් ගණන 15 සිට 19 දක්වා වැඩි කළ බවත් සභානායකවරයා පැවසුවේය.







