-
විචාරයක් නැතිව මෙවැනි සාපරාධී පෝස්ට් ෂෙයා කරලා දන්නේ නෑ… හැදුවේ මම නෙමෙයි කියලා කියන්න එපා… පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි….
එල්.ටී.ටී.ඊ සංවිධානය “සමරනවා සැමරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න ” ලෙස පැරණි වීඩියෝ දර්ශන සංස්කරණය කර මෙවර එල්ටීටීඊ සංවිධානය මහවිරු සමරුව උත්කර්ෂවත්ව පැවැත්වූ බවට හැඟෙන ලෙස ජනතාව උසිගන්වන ආකාරයේ පැරණි වීඩියෝ අන්තර්ජාලය හරහා ප්‍රචාරය කළ බවට වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කැලුම් ජයසුමන නැමැත්තා දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මේ පුද්ගලයා අද උදේ බොරලැස්ගමුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
අද උදේ මාධ්‍ය හමුවක් කැඳවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධ සිද්ධිය මාධ්‍යය වෙත දැනුම් දුන්නේය.
“මහවිරු සමරුව පත්වන්නට යෙදුන උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වෙන විදිහට මහවිරු සැමරුම් පවත්වන්න බෑ කියනඑක රජයේ ස්ථාවරය වුනා. යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරන්න පුලුවන්. නමුත් මහවිරු සැරමරුමක් යොදාගෙන තහනම් එල්ටිටිඊ සම්බන්ධව ප්‍රචාරණයක් කරන්න රටේ නීතිය අනුවත් බෑ.”
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. 2011 දි අගෝස්තු මාසයේ 29 වැනිදා 12/22 අංක 2 දරන ගැසට් පත්‍රය මගින් එල්ටීටීඊ සංවිධානය තහනම් කරනු ලැබුවා. ඒ අනුව එල්ටීටී සංවිධානය ප්‍රවර්ධනයට කිසිදු අවස්ථාවක් නෑ. රජයේ ස්ථාවරය වුනේ එල්ටීටීය ප්‍රවර්ධන කටයුතු කරන්න බෑ කියන එක.
සමහර මධ්‍ය මේ තත්ත්වය වැරදි ලෙස අර්ථකථකනය කළා. සමාජ මාධ්‍යවල උතුරු නැගෙනහිර පළාත්වල මහවිරු සමරුව සිදුවු බවට යම් යම් වීඩියෝ දර්ශන පලවුනා. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති තුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා සිදු නොවු කරාණයක් සිදුවු බවට සමාජ මාධ්‍ය වල පල වෙලා තිබුණා කියලා. මේ ගැන විමර්ශනයක් කරන්න අවශ්‍ය බව සීඅයිඩිය පොලිස්පතිතුමාට පැමිණිලි කළා.
මෙහිදී ආනාවරණය වුනා පුද්ගලයින් කීප දෙනෙක් මීට පෙර අවස්ථාවල මහවිරු සැමරුම් සිදුකිරීමට අදාලව ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා පසුගිය දින සිදුවන ආකාරයට සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කළ බවට.
ඒ අනුව පුද්ගලයෙක් අත් අඩංගුවට ගත්තා සමාජ මාධ්‍යජාලාවලට තොරතුරු යොමු කිරීම සම්බන්ධව. ඒ මරදාන ප්‍රදේශයේ දි. ඔහුට වයස අවුරුදු 45යි. තවත් අයෙක් අත් අඩංගුවට ගත්තා බදදේගමදි. ඔහුට වයස අවුරුදු 29යි. ඉනුවිල් ප්‍රදේයේ දි අවුරුදු 35ක පුද්ගලයෙක් අත් අඩංගුවට ගත්තා. අද උදේ වයස අවුරුද 50ක පුද්ගලයෙක් අත් අඩංගුවට ගත්තා බොරලැස්ගමුවේ දි. මේ පුද්ගලයින් අත් අඩංගුවට ගන්නේ සමාජ මාධ්‍ය ජලාවල පැරණි ඡායාරූප සහ යම් වීඩියෝ දර්ශන පසුගිය දින කීපය තුළ සිදුවූවාක් සේ සමාජගත කිරීමට කළ උත්සාහ ය සමග.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ වයස අවුරුදු 50ක බොරලැස්ගමුවේ දී අත් අඩංගුවට පත් පුද්ගලයා අද සවස රක්ෂිත බන්ධනාගාරගත කළ කැළුම් ජසුමන නැමැත්තාය.
” මෙය දණ්ඩ නීති සංග්‍රහය 120 යටතේ වරදක්. පරිගණක අපරාධ පනත යටතේත් මේ සඳහා ක්‍රියාත්මක විය හැකියි. ඒ වගේම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2011 අගෝස්තු මාසයේ 29 වැනිදා නිකුත් කළ 12/22 අංක 2 දරන ගැසට් පත්‍රය මගින් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් කර ඇති නිසා එල්ටිටීඊ ය මොනම ආකාරයකින් හෝ ප්‍රවර්ධනය කිරීම වරදක්. ”
” මේ නීතිමය පදනම යටතේ මේ පුද්ගලයින් සම්බන්ධව විමර්ශන කරනවා. පරිගණක අපරාද විමර්ශන කොට්ඨාසය වගේම ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසය යටතේ මේ සම්බන්ධව විමර්ශන සිද්ධ වෙනවා. මේ කොට්ඨාස දෙකම තියෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ”
මේ වනවිට අත් අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙවැනි පොස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ ඇති අපරාධමය තත්ත්වය සම්බන්ධව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.
මෙවැනි පෝස්ට් බෙදා ගැනීමත් එම ප්‍රචාර නිර්මාණය කර සමජාගත කිරීම හා සමානම වරදක්. මේ බෙදා ගැනීම තුළත් තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම එය නීති විරෝධී බොරුවක් නැවත මතුකිරීමක්. මහජන කැළඹීමක් ඇති කළ හැකි වරදක්. ”
“මෙවැනි දෙයක් බෙදා ගන්නා කෙනාට මම නෙමෙයි මේක නිර්මාණය කළේ කියන්න බෑ, මම මේ ගැන දන්නේ නෑ කියන්න බෑ. ” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







