සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතැම් වෘත්තීය සමිතිවලට ගැතිකම් කිරිම සේවයෙන් ඉවත් කිරීමට හේතුවක් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සෙනසුරාදා උදෑසන ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශයට රාජකාරිය සඳහා පැමිණි මොහොතේද අතිරේක ලේකම්වරියක්ව අමාත්‍යංශයේ රාජකාරි කළ වත්සලා ප්‍රියදර්ශනී වැඩ බලන ලේකම්වරිය ලෙස පත්කර තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් ලේකම්වරයා පැමිණ සුළු මොහොතකට පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වත්සලා ප්‍රියරදර්ශනී ලේකම්ධූරයේ වැඩ බැලීමට පත්කර ඇති බව ලේකම්වරයා දැනගැනීමට ලැබී ඇත. ඒ සමඟ ඔහු සිය රාජකාරිවලින් ඉවත් ගිය බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
පසුගිය කාලය පුරාම වෛද්‍ය පාලිත මහීපාල ඇතැම් වෘත්තීය සමිතිවලට ගැතිකම් කිරිමට, ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන්නව උදෑසන 6.00ට පමණ මුණගැසී සාකච්ඡා කිරිම, ඇතැම් වැඩ මගහැරිම වැනි කරුණු ගණනාවක්ම ඔහුගේ ලේකම් තනතුර ඉවත් කිරීමට හේතුවක් වූ බව අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.







