පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා තමන් ද සුදුසු බව සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රිකයට තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළාය.
ඇය පවසන්නේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පහෙන් එක් මන්ත්‍රී ධූරයක් කාන්තාවකට ලබා දිමේ එකඟතාවයක් ඇති බවත් එසේ ලබා දෙන්නනේ නම් එම ධූරය දැරීමට පක්ෂයේ සිටින කාන්තාවන් අතරින් සුදුසුම කෙනා තමන් යැයි තමන් විශ්වාස කරන බවත්ය.
හිරුණා ප්‍රේමචන්ද්‍ර අද මෙසේ පැවසුවාය.
” දැනට ගැසට් කරලා තියෙන්නේ අපේ මහලේකම් තුමාගෙ නම විතරයි. තව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර හතරක් තියනවා. ඒකෙන් කාන්තාවකට අවස්ථාවක් දෙනවා නම් ඒකට සුදුසුකම් මම සපුරනවා කියලා මම විශ්වාස කරනවා.
නායක තුමාව මම සියයට සීයක් විශ්වාස කරනවා වගේම ඔහුත් මාව සියයට සීයක් විශ්වාස කරන බව මම දන්නවා. මම මේ පක්ෂය වෙනුවෙන් පක්ෂය ආරම්භ කළ දා සිට ගම් දනවු පුරා කාන්තාවන් එක් රැස් කරමින් නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමක් කරපු කෙනෙක්.
ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් කාන්තාවකට හිමි වෙනවා නම් ඒකට සුදුසු කෙනා මම කියන එක මම විශ්වාස කරනවා.
මොකද ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලින් එකක් කාන්තාවකට ලබා දෙනවා කියලා තමයි අපි දැනුම්වත් වෙලා තියෙන්නේ. පක්ෂයේ වෙන කාන්තාවන් සියලුම දෙනා අරන් බලනකොට ඒකට සුදුසුකම් සපුරන්නේ මම කියලා මම විශ්වාස කරනවා.







