අද දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු අතර පළපුරුදු දේශපාලකයෙක් මෙන්ම ගොවි ජන නායකයෙක් ලෙස ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගත් නාමල් කරුණාරත්න නොසිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.
2004 සන්ධාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලබා ගත් මනාප සංඛ්‍යාව නාමල් කරුණාරත්න – 356,969ක් විය. කුරුණෑගල ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස නාමල් කරුණාරත්න මෙවර මහ මැතිවරණයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගත්තේය.
රටට අවශ්‍ය දේශපාලන තීන්දු ගැනීමේ දී පක්ෂයේ ප්‍රධානීන් සිදුකරන කැපකිරීම්වල ප්‍රමාණය මේ අවස්ථාවේදීත් ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකට කර ඇති බවත්, ඔහු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ දී ප්රමුඛ වැඩකොටසක් කිරීමට කැපවී ඇති බවත් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.







