දිනසේන රතුගමගේ-
-
මැරයින් එන බව දැක අපේක්ෂක තරුණයා නිවසින් පලාගොස් ජීවිතය බේරාගෙන… බරපතල තත්ත්වයේ සිටින පියා රෝහල්ගත කරයි…
යාපනය දිස්ත්‍රික්කයට මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන පුවනේස්වරන් වසන්තරාජාගේ යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (12 ) රාත්‍රීයේ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පුවනේස්වරන් වසන්තරාජා නැමති මෙම අපේක්ෂකයා යාපනය දිස්ත්‍රික්කයට අඹ ගෙඩිය සලකුණෙන් තරග කරණු ලබන්නේ ස්වාධීන කණ්ඩායමකිනි.
යතුරු පැදි වලින් පැමිණි පිරිසක් ඔහුහේ නිවසට බලහත්කාරයෙන් ඇතුලු වී එල්ල කල ප්‍රහාරයෙන් අපේක්ෂකයාගේ පියා තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.නිවසට පහර දීමට යකඩ පොලු හා දඩු මුගුරු රැගෙන ආ පිරිස යකඩ පොල්ලකින් පහර දීම නිසා අපේක්ෂකයාගේ පියා බරපතල ලෙස තුවාල ලබා ඇත.
ප්‍රහාරකයින් නිවසේ භාණ්ඩ හා දොර ජනෙල් වලට පහර දී දැඩි අලාභ හානි සිදු කොට ඇත. අපේක්ෂකයාට අයත් මෝටර් රථයකටද මෙම ප්‍රහාරයෙන් හානි සිදුව තිබේ.
පැමිණි පිරිස අපේක්ෂකයා කොහෙදැයි විමසමින් මුලු නිවස පුරාම ඔහුව සොයා ඇතත් ප්‍රහාරකයින් පැමිණෙනු දැක ඔහු නිවසින් පලාගොස් සැඟව සිටීම නිසා ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැත. යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







