බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

කෘතිම බුද්ධිය (AI) සමඟ සංස්කෘතික වෙනස්වීම්

by LankasaraAI
ඔක්තෝබර් 26, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

කෘතිම බුද්ධිය මේ වන විට ඉක්මනින්ම පරිවර්තනීය වෙනසක් ඇති කළ තාක්ෂණය බවට පත්ව ඇත. පාරිභෝගික සේවයට උපකාර වන චැට්බොට් වල සිට අප ගමන් කරන ආකාරය වෙනස් කළ හැකි ස්වයං-රියදුරු මෝටර් රථ දක්වා, කෘතිම බුද්ධිය ලොව පුරා කර්මාන්තවල විප්ලවීය වෙනසක් සිදු කරමින් පවතී. නමුත් කෘතිම බුද්ධියේ බලපෑම මෙම තාක්ෂණික ක්ෂේත්‍රයට පමණක් බලපෑම් එල්ල කරාවිද? එසේත් නැතිනම් තවත් ඔබ්බට ගමන් කරාවිද? මෙයට සරල පිළිතුර වන්නේ, එය තාක්ෂණික ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට ගමන් කරමින් මේ වෙනුවට සංස්කෘතික බලපෑම ඇති කිරීමට පවා දායක වී ඇත. අප ජීවත් වන ආකාරය, වැඩ කරන ආකාරය සහ එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය වැනි කරුණු සඳහා මේ වන විට විශාල වශයෙන් බලපෑමක් ඇති කර ඇත. මෙම ලිපියෙන් අපි කෘතීම බුද්ධිය මගින් සංස්කෘතියට බලපෑම් කරන්නේ කෙසේද, ජීවිතය පහසු කරන්නේ කෙසේද, අභියෝග නිර්මාණය කරන්නේ කෙසේද සහ අප ලෝකය දකින ආකාරය වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නෙමු.

එදිනෙදා ජීවිතයේදී “AI”

 

දශකයකට පෙර, කෘතිම බුද්ධිය යනු බොහෝ විට විද්‍යා ප්‍රබන්ධ වලට පමණක් සීමා වූ දෙයකි. නමුත් අද එය අපගේ එදිනෙදා ජීවිතයට බද්ධ වී ඇත. Siri, Google Assistant, සහ Alexa වැනි සහායකයින් සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති අතර, එමගින් අපට විවිධ අවස්ථා මතක් කිරීමට (reminders), සංගීතය වාදනය කිරීමට මෙන්ම සරල හඬ විධාන මගින් ස්මාර්ට් නිවාස වල උපාංග පාලනය කිරීමට උදවු කරයි. Netflix සහ YouTube වැනි වේදිකා වල කෘතිම බුද්ධි නිර්දේශ පද්ධති(recommendation systems) අපගේ පෙර පුරුදු, දත්ත  මත පදනම්ව නිරන්තරයෙන් අපට ගැලපෙන අන්තර්ගතයන් ඇතුළත් නිර්මාණ යෝජනා කරයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙය පුද්ගලයන් තුල සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. කෘතිම බුද්ධිය තවදුරටත් විශේෂඥයින් අතර පමණක් පවතින මෙවලමක් නොවන අතර එය සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි මෙවලමක් වී ඇත. අපගේ හැසිරීම් වලින් ඉගෙන ගැනීමෙන්, කෘතිම බුද්ධි ඇල්ගොරිතම අපගේ රුචි අරුචිකම් වලට ගැලපෙන යෝජනා ඉදිරිපත් කරන අතර අන්තර්ජාලය හරහා අතිවිශාල තොරතුරු ප්‍රමාණයක සැරිසරමින් අපට  ගැලපෙන දේ පහසුවෙන් සොයා ගැනීමට උදවු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන් මෙම නව අත්දැකීමට හුරුවෙමින් සිටින අතර, තාක්‍ෂණය සහ දෛනික ජීවිතය අතර සම්බන්ධය වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

කෘතීම බුද්ධිය මගින් සංස්කෘතිය වෙනස් කරන්නේ කෙසේද?

මේ වන විට කෘතීම බුද්ධිය වෙතට ඇති මෙම පහසු ප්‍රවේශය අපගේ අපේක්ෂාවන් වෙනස් කරයි. අද වන විට අපි ක්ෂණික විසඳුම් සහ පෞද්ගලීකරණය කළ නිර්දේශ බලාපොරොත්තු වීමට වැඩි කැමැත්තක් දක්වන්නෙමු. රූපවාහිනී හෝ චිත්‍රපට වැනි සාම්ප්‍රදායික මූලාශ්‍රවලට වඩා කෘතීම බුද්ධිය මගින් යෝජනා කරන දේ මත වැඩි විශ්වාසයක් ඇතිව, අපගේ මාධ්‍ය පරිභෝජනය කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. එක්තරා ආකාරයකින්, කෘතීම බුද්ධිය අපගේ තේරීම්, රුචි අරුචිකම් සහ දෛනික පුරුදු වලට සියුම් ලෙස බලපෑම් එල්ල කරමින් අපගේ සංස්කෘතිය හැඩගස්වයි.

 

රැකියාවන් සහ ස්වයංක්‍රීයකරණය

මේ වන විට සේවා ස්ථානයන් තුල කෘතීම බුද්ධිය විශාල ලෙස වෙනස්කම් සිදුකර ඇත. ඒ අනුව ඇතැම් රැකියා ප්‍රතිස්ථාපනය වීම් පවා සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම නිෂ්පාදන සහ පුනරාවර්තන(repetitive) කාර්යයන් එලෙස ප්‍රතිස්ථාපනය වීම් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. කලක් මිනිස් උත්සාහයක් අවශ්‍ය වූ කාර්යයන් ඉටු කිරීම සඳහා රොබෝවරුන් සහ කෘතීම බුද්ධි පද්ධති මේ වන විට භාවිතා වේ. මෙය සමාගම් සඳහා කාර්යක්ෂමතාව සහ පිරිවැය ඉතිරිකිරීම් ගෙන එන අතරම, රැකියා සුරක්ෂිතභාවය සහ රැකියාවේ අනාගතය පිළිබඳ කනස්සල්ල ද මතු කරයි.

කෙසේ වෙතත් කෘතීම බුද්ධිය, රැකියා ආක්‍රමණය කිරීම පමණක් නොවේ  නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද දායක වේ. කෘතිම බුද්ධියෙහි සංවර්ධනය, දත්ත විද්‍යාඥයින්(data scientists), AI සංවර්ධකයින්(AI developers) සහ AI පද්ධති සමඟ වැඩ කළ හැකි වෘත්තිකයන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති කර තිබේ. කෘතිම බුද්ධිය පිලිබදව පුළුල් තාක්ෂණික දැනුමක් නොතිබුනත්, සේවකයන් කෘතිම බුද්ධි මෙවලම් තම රැකියා කටයුතු සදහා යොදාගනී. සෞඛ්‍ය වැනි අංශවල වෛද්‍යවරුන්ට රෝග වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට මෙම කෘතිම බුද්ධි මෙවලම් උපකාරී වේ. එමෙන්ම අධ්‍යාපනයේ දී, කෘතිම බුද්ධිය උපයෝගී කරගනිමින් සකසා ඇති මාධ්‍ය මගින් සිසුන් සඳහා නව පුද්ගලාරෝපිත ඉගෙනුම් අත්දැකීම් ලබා දෙයි.

 

සමාජයට සිදුවන බලපෑම

කෘතිම බුද්ධිය රැකියා ක්ෂේත්‍රයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන අතර “රැකියාවක නිරතවීම” යන නිර්වචනය මේ වන විට බෙහෙවින් වෙනස් කර ඇත. නිර්මාණශීලීත්වය, ගැටළු විසඳීම සහ චිත්තවේගීය බුද්ධිය වැනි කෘතිම බුද්ධිය හට පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ නොහැකි කුසලතා කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් පවතී. මේ වන විට සේවයකයන් නව තාක්ෂණයන් ඉගෙන ගැනීමට සහ එම යෙදවුම් කෙරෙහි අනුවර්තනය වීමට දිරිමත් කරමින් පවතී. මෙවැනි දේ වෘත්තියක් තුල සිදුවන සංකෘතික වෙනස්වීම් ලෙස දැක්විය හැක.

කෘතිම බුද්ධිය සහ ආචාර ධර්ම

කෘතිම බුද්ධිය අපගේ ජීවිතයට වඩාත් ඒකාබද්ධ වන විට, සදාචාරාත්මක ප්‍රශ්න මතුවෙමින් තිබේ. කෘතිම බුද්ධිය භාවිතා කළ යුත්තේ කෙසේද? කෘතිම බුද්ධි පද්ධතියක් වැරදුන විට වගකිව යුත්තේ කවුද? මෙම ප්‍රශ්න ලොව පුරා විවාද ඇති කරයි.

සැලකිලිමත් විය යුතු එක් අංශයක් වන්නේ දත්ත පෞද්ගලිකත්වයයි(data privacy). කෘතිම බුද්ධි පද්ධති ක්‍රියාත්මක වීම විශාල දත්ත ප්‍රමාණයක් මත රඳා අවශ්‍ය වේ. බොහෝ විට මෙම යෙදවුම් පුහුණු කිරීමට පුද්ගලික තොරතුරු භාවිතා කරයි. මෙය කෘතිම බුද්ධි පද්ධතිවල නිරවද්‍යතාවය වැඩි දියුණු කරන අතරම, අපගේ පුද්ගලික දත්ත කොපමණ ප්‍රමාණයක් රැස් කරන්නේද සහ එය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නගී. ඩිජිටල් යුගයේ තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව වඩාත් දැනුවත් වෙමින් සිටිති.

තවත් සදාචාරාත්මක ගැටළුවක් වන්නේ කෘතිම බුද්ධිය පක්ෂග්‍රාහී(bias) වීමයි. කෘතිම බුද්ධි පද්ධති දත්ත මත පුහුණු කර ඇති බැවින්, එම දත්තවල පවතින පක්ෂග්‍රාහීත්වය ඔවුන්ට බලපෑම් එල්ල කළ හැක. නිදසුනක් වශයෙන්, මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතයේදී ඇතැම් ජනවාර්ගික පුද්ගලයන් හදුනාගැනීමේ අඩු නිරවද්‍යතාවයක් හේතුවෙන් විවේචන එල්ල වී ඇත. කෘතිම බුද්ධිය හට වගකිය හැක්කේ එය ඉගෙන ගත් දත්ත සඳහා පමණක් වන අතර, එයින් අදහස් වන්නේ සංවර්ධකයින්(AI developers) පද්ධති ගොඩනැගීමේදී මෙම පක්ෂක්ග්‍රාහී බව පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

තාක්ෂණය පිළිබඳ ආචාර ධර්මවල වෙනස්වීම

සදාචාරාත්මක තත්වයන්, තාක්‍ෂණය ගැන අප සිතන ආකාරයෙහි සංස්කෘතික වෙනස්කම් ඇති කිරීමට බලපෑම් එල්ල කරයි. තාක්ෂණික සමාගම්වලින් වැඩි විනිවිදභාවයක් සහ කෘතිම බුද්ධි පද්ධති භාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි වගකීමක් ඉල්ලා සිටීමට මිනිසුන් පටන් ගෙන තිබේ. ආචාර ධර්ම, සාධාරණත්වය පිළිබඳ සාකච්ඡා දැන් තාක්ෂණය පිළිබඳව ඇතිවන සංවාදවල අනිවාර්ය කොටසකි. කෘතීම බුද්ධිය අඛණ්ඩව විකාශනය වන විට, සමාජය එහි බලපෑම පිළිබඳව වඩාත් දැනුවත් වෙමින්, එදිනෙදා ජීවිතයේදී කෘතීම බුද්ධිය වඩාත් වගකීමෙන් හා සදාචාරාත්මකව භාවිතා කිරීමට මේ වන විට උත්සාහ කරයි.

ගෝලීය බලපෑම

කෘතීම බුද්ධිය  මගින්, ලෝකයේ එක් කුඩා පැතිකඩක සංස්කෘතිය වෙනස් කිරීම නොව, ගෝලීය වශයෙන් බලපෑමක් ඇති කරයි. විවිධ රටවල් විවිධ අනුපාත ප්‍රතිශතවලින්(rates) කෘතීම බුද්ධිය භාවිතා කරයි, නමුත් එහි බලපෑම සෑම තැනකම ඇත. එය මෙසේ පැහැදිලි කළ හැකියි. සංවර්ධිත රටවල කෘතීම බුද්ධිය, ව්‍යාපාර කටයුතුවල කාර්යක්ෂමතාව සඳහා භාවිත කරයි, නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල එය, සෞඛ්‍ය ආරක්ෂණය සහ කෘෂිකාර්මික ඵලදායිතාව වැනි අද්විතීය අභියෝග විසඳීමට භාවිතා කරයි.

උදාහරණයක් ලෙස කෘතීම බුද්ධිය, අප්‍රිකාවේ බෝග අස්වැන්න පුරෝකථනය කිරීමට සහ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමට භාවිතා කරන අතර ආසියාවේ දී නිෂ්පාදන සහ මූල්‍ය වැනි කර්මාන්තවල විප්ලවීය වෙනසක් සිදු කිරීමට බොහෝවිට භාවිතා කරයි. කෙසේ වෙතත් කෘතීම බුද්ධිය සමාජය ඒකාබද්ධ කරන ආකාරයේ ක්‍රියා සිදු කිරීමට බොහෝවිට භාවිතා කරයි. සංස්කෘතික වටිනාකම්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික තත්වයන් අනුව එම ක්‍රියා එකිනෙකට වෙනස් වේ. සමහර රටවල, කෘතීම බුද්ධිය භාවිතා කිරීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන අතර අනෙක් අය එය මේ වනවිටත් පුළුල් ලෙස භාවිතයට ගනී.

කෘතීම බුද්ධිය හරහා සංස්කෘතීන් බද්ධ කිරීම

 

ගෝලීය සන්නිවේදනය පහසු කරමින්, සංස්කෘතීන් අතර පාලමක් ලෙස ද කෘතීම බුද්ධිය ක්‍රියා කරයි. කෘතීම බුද්ධිය මගින් ක්‍රියාත්මක වෙන භාෂා පරිවර්තන යෙදුම් මිනිසුන්ට පවතින භාෂා පිළිබඳව ඇති බාධා ඉවත් කර සන්නිවේදනය කිරීමට ඉඩ සලස්වා, ලෝකය වඩාත් සමීප කරයි. සමාජමාධ්‍ය, විවිධ පසුබිම්වල සිටින පුද්ගලයන් එකිනෙකා සම්බන්ධ කරයි. මේ ආකාරයෙන් වඩාත් සහ සම්බන්ධිත ගෝලීය සමාජයක් නිර්මාණය කිරීමට කෘතීම බුද්ධිය උපකාර කරයි.

කෘතීම බුද්ධිය විසින්, ගැඹුරු සහ දූරදර්ශී විපර්යාසයක් සංස්කෘතිය තුළ ඇති කරයි. අප එදිනෙදා කටයුතු කරන ආකාරය වෙනස් කිරීමේ සිට සමාජයේ සදාචාරාත්මක ප්‍රශ්න මතු කිරීම දක්වා කෘතීම බුද්ධිය, තාක්ෂණික විප්ලවයකට සීමා නොවී එය සංස්කෘතික  විප්ලවයක් සිදුකර ඇති බව පෙනී යයි. එම විපර්යාසය බොහෝ ප්‍රතිලාභ ලබා දෙන අතරම,අභියෝගී අවස්ථාවන් ද පවතී. කෘතීම බුද්ධිය අඛණ්ඩව විකාශනය වන විට, අප සිතන පතන ආකාරය පවා එයට තේරුම් ගැනීමට හැකි අතර එය සංස්කෘතිය කෙරෙහි බලපෑම් ඇති කරයි.

කෘතීම බුද්ධිය හි යහපත් ප්‍රතිලාභ වැලඳගැනීමෙන්  සහ එහි සදාචාරාත්මක පැතිකඩ ගවේෂණය කිරීමෙන්, අපගේ වටිනාකම්වලට හානියක් නොවන පරිදි කෘතීම බුද්ධිය මඟින් අපගේ ජීවිත වැඩිදියුණු කරන අනාගතයක් අපට නිර්මාණය කළ හැකිය. ශීඝ්‍රයෙන් වෙනස් වන මෙම ලෝකයේ, අපට සමීප දෙයක් ලෙස කෘතීම බුද්ධිය පවතින අතර, එය ඉදිරි පරම්පරාවන් විධිමත් අනාගතයකට හැඩගැස්වීමට උපකාරී වේ.

කතෘ : ගෙහාන් චතුෂ්ක
සමාලෝචනය : සහස්වරී සේනානායක, රියාජි දෙවිඳු, මිහාරා ඉනුරි
Tags: නවතම
Share69Tweet43
Previous Post

හාල්  මෝල්ලුන් මෙල්ලයට අනුර හෙණ්ඩුව අතට ගනී

Next Post

“මමයි අනුර සහෝදරයයි ෆුල් ෆයිට් ලු… ඔයාල පවු…ඒ බලාපොරොත්තුව නම් ඉෂ්ඨ වෙන්නේ නෑ…” අගමැතිනිය කියයි!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.