ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
හෙට පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීමද ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය







