සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2006 පකිස්ථාන මහකොමසාරිස්ට බෝම්බ ගැසූ සිද්ධියේ සැකකරුවෙක් අරුගම්බේ සිද්ධියට අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර…

by editor
ඔක්තෝබර් 25, 2024
in පුවත්
arrested_L
Share on FacebookShare on Twitter
  • තානාපති කාර්යාල අනතුරු අඟවනවිට විමර්ශන කරලා සැකකරුවන් අත් අඩංගුවට අරන් ආරක්ෂාව තහවුරු කරලත් ඉවරයි… විමර්ශන අංශ කියයි!

මෙරට සංචාරයේ නිරත ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන අරුගම්බේදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් විදේශයකින් ලද බුද්ධි තොරතුරකට අනුව විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර, 2006දී ශ්‍රී ලංකාවේ සිටි පාකිස්තාන මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කොල්ලුපිටියේදී 2006 වසරේදී පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළ ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය. එම නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉකුත් වසරේ නොවැම්බර් 23 වැනිදා අධිකරණය මඟින් සැකකරුවන් තිදෙනාම නිදහස් කර තිබිණි. ඒ අතර සිටින සැකකරුවකු අරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුමේ සැකකරුවකු ලෙස මේ වන විට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු රත්මලාන ආශ්‍රිතව පදිංචිව සිට ඇති බවත් මෙම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලදිවයින් සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයා සමඟ හිතවත්කම් ඇති වී තිබෙන්නේ බන්ධනාගාරයේදී බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කවුඩානේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවෙසකදීය. ඔහු එම නිවෙසේ මවත් සමඟ පදිංචිව සිට ඇති බව කියැවේ.

මෙම මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයාගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක බවත් පියා මාලදිවයින් ජාතිකයකු බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මාලදිවයින් ජාතික පියා මාලදිවයිනේ සිටින බව කියැවේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කවුඩානේ පිහිටි නිවෙසේ පදිංචියට යෑමට පෙර ඔවුන් පදිංචිව සිට ඇත්තේ වැල්ලවත්තේ බවත් එම නිවෙසේ දැන් පදිංචිව සිටින්නේ සැකකරුගේ මවගේ සහෝදරියන් දෙදෙනා බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයා යම් වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇති බව සඳහන්ය. ඔහුත් යාපනයේ වැසියාත් අත්අඩංගුවට ගෙන ඇත්තේ සතියකට පමණ පෙරදී බවත් ඊට මුල්වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා විදේශයකින් ලද බුද්ධි තොරතුරක් බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

අරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව ඇති බවට විදෙස් බුද්ධි සේවයකට ලද තොරතුර මෙරටට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ඒ ගැන ආරක්ෂක මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර අනතුරුව ගත් ආරක්ෂක පියවර හා මෙහෙයුම් හේතුවෙන් සැකකරුවන් ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට ගනිමින් එම ප්‍රහාරය සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බව පොලිස් ප්‍රධානියෙක් පැවසීය.

අරුගම්බේ ප්‍රහාරය කොන්ත්‍රාත්තුවක් බවත් ඒ වෙනුවෙන් විශාල මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබී ඇති බවත් සඳහන්ය. මෙරටදී හමුවූ යම් පුද්ගලයකු මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයාට මෙම කොන්ත්‍රාත්තුව භාරදී ඇති බව කියැවේ. එම පුද්ගලයා හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීම සඳහා දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු තාක්ෂණික මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

විදේශයකින් ලද තොරතුර තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අවසානයේදී ඒ බව තානාපති කාර්යාල දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් එසේ කළ දැනුම්වත් කිරීම් මුල්කරගෙන තානාපති කාර්යාල මඟින් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත සිය රටවල වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එහෙත් එම දැනුම්දීම සිදුවන විට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම වළක්වා තිබුණු බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. – ගයාන් කුමාර වීරසිංහ- දිනමිණ-

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි කළේ බුද්ධි අංශ වාර්තා එනකොට මාධ්‍ය සාකච්ඡා තැබීම නොවෙයි… රටේ ආරක්ෂාව උපරිම ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම…

Next Post

ඇල්පිටියේ පුංචි ඡන්දය හෙට… ඡන්ද විමසිමට සියල්ල සූදානම්….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.