ලසිත් මාලිංග හිටි හැටියේ එල්.පී.එල්. වලින් ඉවත්වීමෙන් ඔහු යළිත් ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයට බඳුන්ව තිබේ. එල්.පී.එල්. තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය පැවරීමට බලාපොරොත්තු වූයේ මාලිංගට ය.
“එල්.පී.එල්. වලින් ඉවත්වීම සම්බන්ධයෙන් සමහර ජනතාව මාව විවේචනය කරනවා. නමුත් මම කඩුලු ලබා ගන්නා විටත් ප්‍රීති වුයේ මේ අයම තමයි. ඔබ කුමක් අත්කර ගත්තද සමහර විට ඔබද විවේචන ගත යුතුයි. නමුත් මගේ රට වෙනුවෙන් මා කළ දේ ලෝකයම දන්නවා. මාට ආදරය කරන අයත් ඒක දන්නවා. ඒක මට ප්‍රමාණවත්.” යැයි ලසිත් මාලිංග සඳහන් කරයි.
මාලිංගයට දැන් වයස අවුරුදු 37කි. ඔහු මෙවර එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසා සිටියේ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති බැවිනි. ඔහු කියන්නේ මාස 09ක් තිස්සේ තමන් කිසිදු පුහුණුවීමක් නොකළ බවය. ඉකුත් පෙබරවාරියෙන් පසු කිිසිම තරගාවලියටක සහභාගී නොවූ බවය. නිවසේ ශාරීරික අභ්‍යාසවල පමණක් නිරත වූ බවය. යෝකර් පන්දුවක් දැමීමට දහස් වාරයක් පුහුවීම් කළ යුතු බවත් නිසි ලෙස පන්දුවක් යැවීමට නොහැකි වුවහොත් අයි.පී.එල්. වලදී කරන දේවල් එල්.පී.එල්. වලදී නොකරනවායැයි යන චෝදනාද එන බවත්ය.
කෙසේ වෙතත් සති දෙකක්වත් පුහුණුවීමට කාලයක් තිබුණේ නම් ඔහු එල්.පී.එල්. ක්‍රීඩා කිරීමට සූදානම් බවද සඳහන් කර තිබිණි.ලොව පළමු විස්සයි විස්ස කඩුලු 100 දවාගත් පන්දු යවන්නාද වන ඔහු අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාද වේ.