බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝකියො 16ක් ආරක්ෂකයින් 163ක්, වාහන විසි ගණනක් ඉල්ලූ හිටපු ජනපති  රනිල් ගේ අමුතු ඉල්ලීම ගැන ජනපති අනුර රටට  හෙළි කරයි….

by editor
ඔක්තෝබර් 20, 2024
in පුවත්
Anura-Kumara
Share on FacebookShare on Twitter
  • විමර්ශන කරන්නේ  කාගෙන්වත් පළි ගන්න නෙමෙයි… ක්‍රමානුකූලව විමර්ශන පටන් ගන්නවා… හොරු අල්ලන්න කවද්ද කියන කට්ටිය අල්ලන්න පටන් ගත්තට පස්සේ කෙඳිරි ගාන්න එපා…

  • හැමෝම අහන ෆයිල් හාරසිය ගණන… සියල්ල ගැනම අධ්‍යයනය කරලා නැවත විවෘත කර විමර්ශන පටන් ගන්න උපදෙස් දීලා තියෙන්නේ. ක්‍රමානුකූලව අතිශයින් නීත්‍යානුකූලව ඒ නඩු අධිකරණයට යයි… එතකම් කලබල වෙන්නෙ නැතිව ඉන්න…

ආසන්නම හිටපු ජනාධිපතිවරයා තමන්ට ලිපියක් එවමින්  කෝකියන් 16ක් ආරක්ෂකයින් 163ක් සහ වාහන විසි ගණනක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී පැවසුවේය.

ඔහු ප්‍රකාශ කලේ මේ රජයට ජන වරම ලැබී ඇත්තේ මේ අශිෂ්ට ජනතා දේපල කාබාසිනියා කිරීම වැලැක්වීමට බැවින් මේ කිසිම ඉල්ලීමක් ලබා නොදෙන බවය.

කාලයක් තිස්සේ ජනතා දේපල අසීමාන්තිකව භුක්ති විඳින මේ දේශපාලකයින් දැන් එම හිමිකම් භුක්තියට සවි කරගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු කීවේ හිටපු ජනාධිපතිවරුන් 2 දෙනෙක් වෙනුවෙන් ලබා දී තිබුණු වාහන 16ක් ගිලන් රථ දෙකක් යළි කැඳවා දැනට ඇති චක්‍රලේඛ ප්‍රකාරව වාහන තුනක් ලබා දුන් බවත් මේ වනවිට සිදුකරන චක්‍රලේඛ සංශෝධනයෙන් පසු කිසිම හිටපු ජනාධිපතිවරයෙක් මහජන මුදලින් නඩත්තු නොකරන බවත්ය

අද හම්බන්තොට ජනරැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.  

“නොවැම්බර් මාසේ 14 වැනිදා තමයි මහා ශ්‍රමදානය පැවැත්වෙන්නෙ. මේ රටේ ජනතාවට දීර්ඝ  කාලීන උවමානාවක් තිබුණා මේ කැත අප්‍රසන්න පිළුණුවුන පාර්ලිමේන්තුව වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක්.

අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ ඉතා කෙටි කලකින් අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නොවැම්බර් මාසේ 14 වැනිදට මේ රටේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ අවස්ථාව මේ රටේ ජනතාවට ලබා දීලා තියනවා.

හැබැයි ජනතාව නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා. විශේෂයෙන්ම හම්බන්තොට. අවුරුදු 88කට පස්සේ. පොඩි කාලයක් නෙමෙයි. නම නෑ ඡන්ද පත්‍රිකාවේ.

දැනට හරියටම ඇත්තට ගණන් හිලව් බලන්න බැරි වුනාට හැටකට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා. ඉතිරි කාර්ය නොවැම්ර් මාසේ 14 වැනිදා මේ රටේ ජනතාව අකුරට ඉටු කරන බවට අපට විශ්වාසයක් තියනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ මොකද අපි ජනාධිපතිවරණයෙන් ලබා ගත්ත ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් කරන්න නම් නොවැම්බර් මාසේ 14 වැනිදා ශක්තිමත් බලවත් පාර්ලමේන්තුවක් ජාතික ජන බලවේගය විසින් ලබා ගත යුතුයි.

  සිදුවෙමින් ඇති වෙනස

හැමදාම අපට බොහෝ ජයග්‍රහණ ගෙනත් දුන්නේ මේ හම්බන්තෙට දිස්ත්‍රික්කය. අපට අසීරුතම අවස්ථාවල අපේ දේශපාලනයේ කොඩිය අත් නොහැර ඉදිරියට අරන් යන්න විශාල දායකත්වයක් දුන්නේ මේ හම්බන්තොට ජනතාව. අප විශ්වාස කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කය  නම් සැකයකින් තොරව ශක්තිමත්ම බලයක් ජාතික ජන බලවේගයට අරන් දෙනවා කියලා

අපට එකින් එක ක්‍රමානුකූලව පියවරින් පියවර එහෙත් ස්ථාවරව හා ශක්තිමත්ව මේ රට අපි සහතික වශයෙන් ජයග්‍රහණය සඳහා මෙහෙයවනවා. එක පැත්තකින් ඒ ගොල්ලන්ට අපව කලබල කරන්න ඕන වෙලා තියනවා. අපි කලබල වෙන්නේ නෑ,

අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයයි. නව දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරිමේ දී දේශපාලකයින් හැටියට ප්‍රධානම කැපකිරීම තියෙන්නේ අපට.  ආණ්ඩුවෙ නායකයින් හැටියට අපට යහපත් දේශපාල සංස්කෘතියක් නිර්මාණය කිරීම සදහා අපේ කැපවිම අප පෙන්වන්න ඕන.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ ජනතාවට ඔප්පු කරලා දිල තියනවා දේශපාලනය කියන්නේ කුමක්ද?. ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලා. අපි ස්තුතිවන්ත වෙනවා ජාතික ජන  බලවේගයේ අප ලබාදුන්න නායකත්වයට අනුරූපී වෙමින් ඔබ ඒ ජයග්‍රහණය ඉතාම සාමකාමීව රතිඤ්ඤයක්වත් පත්තු කරන්නේ නැතිව අනෙකාට කිසිම හිංසාවක් පීඩාවක් ඇති නොකර ජයග්‍රහණය සමරන ආකාරය මේ රටේ ජනතාවට අපි ඔප්පු  කරලා තියනවා.

ඒ විතරක් නෙමෙයි. දැන් මැතිවරණ ව්‍යාපාරයක් දියත් වෙලා තියනවා. වෙනදා මහ ඡන්දයක්  කියන්නේ කොහොමද?. එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරන, කාර්යාල ගිනි තියන, ගැටුම් ඇතිවන බයෙන් ඡනද කරන්න වෙන තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. විශේෂයෙන් මේ හම්බන්තොට.

හැබැයි ජාතික ජන බලවේගය ආණ්ඩුව අද මැතිවරණ ව්‍යාපරයක් මැතිවරණ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව කොහොමද ගෙන යන්නේ කියලා මේ රටේ ජනතාවට අලුත් අත් දැකීමක් අපි අරන් දීලා තියනවා.

අද සාමාන්‍ය කාර්යයන් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඡන්දයක් තියනව ද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට සාමකාමීත්වය ඇති කරලා තියනවා. අපිට ඕන එහෙම රටක්. මේ දෙශපාලන සංස්කෘතියේ අතිශය පිරිහීමට ලක් වුන රාජ්‍යයක් අපි යළි ප්‍රජාතන්ත්‍රවාදීත්වයේ සාමකාමිත්වයේ හැම කෙනාගෙම අදහස්වලට ගරු කිරිම, ඒ අයගේ අදහස් ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට ඇති අයිිතිය, ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට  තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න අවශ්‍ය අයිතිය අද පළමු වතාවට මේ රටේ ස්ථාපිත කරලා තියනවා.

වෙනස් කම්…

ලෝක වාර්තාවක් තැබූ ආණ්ඩුව

ඒ විතරක් නෙමෙයි, දැන් පවතින අපේ ආණඩුව ගත්තොත් ලෝක වාර්තාවක් තැබු ආණ්ඩුවක්. ජනාධිපතිවරයයි. ඇමතිවරු දෙන්නයි.  පොඩි ආණ්ඩුවක්. හැබැයි රටේ එදිනෙදා කාර්යයන් කිසිවක් බිඳවැටෙන්න ඉඩ නොදී අනාගත සැලසුම්, ඒ සඳහා ක්‍රියාකිරීමට අවශ්‍ය පදනම් සකස් කරමින් අපි ස්ථාවරව වැඩ කරමින් තිබෙනවා. අපි පෙන්නුම් කරලා තියනවා ශක්තිමත් ධෛර්ය සම්පන්න විශ්වාසවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා. අපි ඔප්පු කරලා තියනවා.

ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම නතර කිරීම අපි අපේ භාවිතාවෙන් තහවුරු කරලා තියනවා. ඒව සාමාන්‍ය දේශපාලනය නෙමෙයි. මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු දේශපාලන සංස්කෘතියක් අපි පියවරින් පියවර ස්ථාපිත කරලා තියනවා.

ජයග්‍රහණය සමරන්නේ කොහොමද, මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද, ආණ්ඩුවක් කරන්නේ කොහොමද, ජනාධිපතිවරයා ඇමතිවරු රාජය යාන්ත්‍රණය නාස්තිය නතර කරන්නේ කොහොමද?, මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා. .

ඒ නිසා මම හිතනවා අපි මැතිවරණ ව්‍යාපරයේදි කිව්වා වගේම ශ්‍රී ලංකාව නව පුනරුද යුගයක් සඳහා කැඳවමින් තියනවා. මෙහෙයවමින් තිබෙනවා.

ආර්ථික ස්ථාවාරත්වය

ඊලඟට අප හමුවේ තිබෙන බැරෑරුම්ම කාරණය තමයි අප ආණ්ඩුව ලබා ගත් වහාම ආර්ථිකයේ ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.

මොකද ඔබට මතක ඇති ජනාධිපතිවරණ වේදිකාවේ තිබුණු කතා. ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළොත් ගෑස් සිලින්ඩරය පුපුරනවා. ජාතික ජන බලවේගය ජයගණය කළොත් ඩොලරය 400ට යනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ගෑස් හිඟයක් තෙල් හිඟයක් නිර්මාණය වෙනවා. ජාත්‍යාන්තර සබඳතා නැතිව ආර්ථිකය කඩා වැටෙනවා කියලා අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අපට චෝදනා එල්ල කළා.

හැබැයි අපි මොකද කළේ. ආරම්භක  වශයෙන් අපේ ප්‍රබලතම අභියොගය වුනේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත කොටස් වෙළෙඳපලත් එක්ක සම්බන්ධ ආයෝජකයින්ට අපි විශ්වාසය තහවුරු කළා. අපේ රටේ කර්මාන්තය ව්‍යාපාරයෙ යෙදන ව්‍යාපාරිකයන්ට, කර්මාන්ත කරුවන්ට අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු කළා.

අපි ජාත්‍යාන්තර සංවිධානත් එක්ක ඉතා හොඳින් රටට හිතකර වන පරිදි ගනුදෙනු කරමින් රට පිලිබඳ විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. දැන් අපි ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරිකයන් පිළිබඳව, ජනතාවට ආයෝජකයින්ට ජාත්‍යාන්තර ප්‍රජාවට යම් සැකයක් තිබුණ නම් අපේ ආර්ථිකය පිළිබඳව අපි ඒ සැකය මුලුමනින්ම තුරන් කරලා යළි ස්ථාවර ආර්ථිකයකට අවශ්‍යවන පදනම් සකස් කරලා අවසන්. ආණ්ඩුවක් කරන්නේ හෙමයි.

ඒ නිසා අපි මේ වනවිටත්  හෙක්ටයාරයක් සඳදහා රුපියල් පහොළාස් දහසක් වූ පොහොර සහනාධාරය රුපියල්  විසි පන්දහස දක්වා වැඩි කළා. මේ මාසෙ ඉඳන් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තොම්බර් මාසේ ඉඳන් වැඩි කරන්න අපි කටයුතු කළා. මේ ඔක්තොම්බර් මාසේ ඉඳන් සෑම විශ්‍රාමිකයෙකුටම රුපියල් තුන් දහසක් අතිරේක වශයෙන් ලැබෙනවා.

අය – වැය

අපි දෙසැම්බර් මාසෙ අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කරන්න ලෑස්ති කරලා තියනවා. පෙබරවාරි මාර්තු වනවිට අප අයවැය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අයවැය ලේඛනයෙදි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අප අවධානය යොමු කරලා තියනවා. ඒ අයවැය ලේඛනයෙන් පාසල් දරුවන්ට ලබා දිය යුතු දීමනාවක් පිළිබඳව අප අවධානය යොමුකරලා තියනවා.

මම ඔබට සහතික වශයෙන් කියන්නම්. ආබාධිත පුද්ගලයින්ට දිළිඳු ජනතාවට දෙන සහනාධාරය සහතික වශයෙන් ඒ අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. ඒ වගේම අලුතෙන් රැකී රක්ෂා උත්පාදනයට අවශ්‍යවන ආර්ථික පදනම නිර්මාණය කරනවා.

සංචාරක ව්‍යාපාරයට අහිතකර ලෙස බලපාන සිදුවීමක්ක ඇති නොවුනොත් ලංකාවට  වැඩිම සංචාරකයන් එන වසර බවට 2025 වසර පත් කරනවා.

අප ඔබට කිව්වා ක්‍රමානුකූළව අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලා ගැනිම අපේ වගකීමක් අපි එය ඉටු කරනවා.

ඒ වගේම හැම වෙලාවෙම සහනාධාර මත, හැම වෙලාවෙම දීමනාවන් මත  ජීවත්වන ජනාවක් වෙනුවට ඔවුන්ට ආර්ථිකය හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. එය අයවැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කරන සැලසුමක් අපි හදලා තියනවා.

ඒ විතරක් නෙමෙයි. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙ පරිවර්තනයක් අපි ඇති කරනවා. සැම දරුවෙක්ම එළියට එන්න ඕන දැනුම මත හෝ වෘත්තීය පුහුණුව මත අත්දැකීම් සහිත අධ්‍යාපනයක් සහිත දරුවෙක් ලෙස. රට ගොඩනගනවා.

හොරු ඇල්ලුව ද?… අල්ලන්න පටන් ගන්නකොට කෙඳිරි ගාන්න නම් එපා…

ඒ විතරක් නෙමෙයි සමහර අය දැන් නිකම් කියනවා හොරු ඇල්ලුවද?… හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා.

අද කියලා යන්නම්. ෆයිල් හාරසිය ගාණක් තියනවා සියල්ල වසා දමා තිබෙන්නේ. අපි අද පරීක්ෂා කළා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවෙ හිර වෙලා තියනවා. සමහර ඒවා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවෙ හිර වෙලා තියනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තුළ සිරවෙලා තියනවා. සමහර ඒවා පැමිණිලල්කට පමණක් සීමා වී තියනවා.

අපි අදාල ආයතනවටල උපදෙස් දී තියනවා සියල්ල යළි විවෘත කරන්නත්,  ක්‍රමානුකූළව නඩු පැවරීම දියත් කරන්නත්.

අපට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත් වෙන්නේ නෑ. 2015 දූෂිතයන්ට වංචනිකයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩක් බවට පරිවර්තනය වුනා. අල්ලස් කොමිසමට ෆයිල් අරන් යනවා. වොයිස් කට් එකක් දෙනවා. එළියට එනවා. ජාතික ජන බලවේගය එහෙම නෙමෙයි.  සෑම දත්තයක්ම නිසි පරිදි එකතු කර ගනිමින්, නිසි පරිදි අධිකරණයේ දී දඬුවම් ලබා දිය හැකි පරිදි  නඩුව ගොනු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් අපි ලබා දීලා තියනවා.

ඒ නිසා කලබල වෙන්න එපා කවුරුවත්.

මේ රටේ ජනතාවගේ ඒ පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. අපේක්ෂාවක් තිබුණා. අන්න ඒ වංචනියකයින්ට දූෂිතයිනට ඳඩුවම් ලබා දීමට අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව.

ගිවිසුම් සමාලෝචනය සහ අයි.එම්.එෆ්

ඒ විතරක් නෙමෙයි, සමහර අපේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කරලා තියනවා. අපි ඒ ගිවිසුම්වල අනෙක් පාර්ශවයන්ට දැනුම් දීලා තියනවා අපි මේ ගිවිසුම් යළි සමාලෝචනය කරන්න අවශ්‍ය බව.  හැබැයි අන්න එවැනි කාර්යයන් කරන්න නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජන වරමක් තියන බව සියලු අයට අප ඒත්තු ගැන්විය යුතුයි.

මේ ගිවිසුම් යළි සමාලෝචනය කර රටට හිතකර පරිදි සමාලෝචනය සඳහා අපි කිසිසේත් පසුබට වෙන්නේ නෑ. අපට එම සාකච්ඡාවල  එ් ගිවිසුම්වල සංශෝධනයන් ඇති කිරීමට අවස්ථාව ලැබෙන්නේ මොනතරම් ප්‍රමාණයකින් ජනතාව ඒ සඳහා ජන වරමක් ලබා දෙනවද කියන සාධකය මත.

අපි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල  හමුවුනාමත් අපි පැහැදිලිවම කිව්වා ජාතික ජන බලවේගයට ලැබී ඇති ජන වරමේ ස්වභාවය මත අපට සමහර දේවල් පිළිබඳ තීන්දු තීරණ ගන්න වෙයි කියලා.

ජන වරම තමයි අප පිටුපස්සේ තියන බලය. අප පිටුපස්සේ තිබෙන හයිය. ඒ නිසා මේ වෙනස්කම් සියල්ල කරන්න එළඹෙන නොවැම්බර් මාසේ 14 වැනිදා ශක්තිමත් ජන වරමක් ජාතික ජන බලවේග ආණ්ඩුවට ලබා දෙන්න ඔබ කටයුතු කරන්න.

සහතිකයි… රට ගොඩනගනවා…

සමහර අය හීන දකිනවා. අපි ඒ අයගේ හීන දැකීමේ අයිතියට බාධා කරන්නේ නෑ. ඔවුන් දැන් වහසි බස් දොඩනවා මාස තුනයි, හයයි, වැටෙයි කියලා. පව්…

ජාතික ජන බලවේගය ආරම්භ කරලා තියන මේ ගමන මේ රට ගොඩ නගලා මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් උරුම කරලා දීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕන.

මේ කඩා වැටුන  රට සහතික වශයෙන් අපි ගොඩනගනවා. මේ රටේ දුප්පත් භාවයේ ගිලටීනයට හිර වී ඇති ජනතාව ඒ දුප්පත් භාවයෙන් අපි මුදවා ගන්නවා.  අපි ආරම්භයක් වශයෙන් ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදිලා තියනවා. ආර්ථිකය නන්වන්න, ජනතාවට සහාය දෙන්න වංචා දූෂණ අවම කරන්න  විතරක් නෙමෙයි, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා.

අනාගත පරිවර්තනය

අපි එළඹෙන වසර පහ ඇතුළත වැදගත්  පරිවර්තනයක් රටට ගේනවා. ලංකාවේ මේ වෙලාවෙ එම ක්ෂේත්‍රය බිහි  වී තිබෙන ප්‍රබලතම විද්වතා, අත්දැකිම් තියන කෙනා, එයාගේ රැකියාව අත් හැරලා ස්වේච්ඡාවෙන් අපේ රටේ සමස්ථය ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය දෙන්න තව සතියකින් දෙකකින් ආරම්භ කරනවා.

අපි අපේ ආණ්ඩුවෙ පළමු කාලය නිමා වෙන්න කලින් අපේ රටේ පුරවැසියන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දෙන්න, තමන්ගේ කාර්යය පහසුවෙන් ඉටු කරගන්න, බදු ගෙවන්නෙ කොහොමද, ආධාර ලැබෙන්නෙ කොහොමද, සියල්ල තාක්ෂණය හරහා කරන්න ඕන පසුබිම අපි මේ පළමු ආණ්ඩුකාලය තුළ ස්ථාපිත කරනවා අපේ රටේ. නව යුගයකට නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා.

ඩිජිටල් ආර්ථිකයක් බවටත්, ඩිජිටල් රාජ්‍ය සේවයක් බවටත් ශ්‍රි ලංකාව පරිවර්තනය කරනවා. නූතන සියවසට  ගැලපෙන ශ්‍රී ලංකාව ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගොඩනගනවා.

ඒකට අපි අලුත් අමාත්‍යාංශයක් ගොඩනගනවා. ඒකට අපේ විශාල අත්දැකීම් සහිත කණ්ඩායම් ස්වේච්ඡාවෙන්… සමහර අයගේ වැටුප හිතුවොත් ඔබ පුදුම වේවි. මිලියන ගණන් වැටුප් ගත්ත අය ස්වේච්ඡාවෙන් මේ රට ගොඩ නැගීමේ කාර්යභාර්යයට පණ පොවන්න සූදානමින් ඉන්නවා.

පිරිසිදු ශ්‍රී ලංකාවක්….

ඒ වගේම අපේ ශ්‍රි ලංකාව පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පත් කරනවා. හැම පුරවැසියන්ගෙම මනෝ භාවය පරිසර පද්ධතියට ආදරය කරන පිරිසිදු භාවය තියන කැලි කලස නොදමන, තමන්ගේ ගමේ තියන දියඇල්ල ආරක්ෂා කරගන්න, තමන්ගේ ආර්ථිකයට විශාල හයියක් ගෙනත් දෙන වෙරළ තීරය තබා ගන්න, මං සන්ධි කඩපල ඉතාම පිරිසිදුව තියන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කරලා ලංකාව ලෝකයේ පිරිසිදු භාවයේ සංකේතය බවට පත් කරනවා මේ වසර කීපය ඇතුළත. ඒ සදහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි හදලා තියෙන්නේ.

හිටපු ජනපති සැප

අපි හිතනවා මේ අපි ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ මේ රටේ පරිවර්තනීය යුගයකට. ඒ අතර සමහර අය කියනවා අපි ඒ අයගෙන් පලි ගන්නවා කියලා. කිසිවෙකුගෙන් පලි ගන්න අයිතියක් නෑ. අපි පලි ගන්නේ නෑ. නමුත් මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නෙ නෑ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට ලබාදීලා තිබුණා වාහන 16 බැගින් ඇම්බියුලන්ස් රථයක් ද ඇතුළත්ව. හිටපු ජනාධිපතිවරු දෙන්නා ගාව ඇම්බියුලන්ස් රථ 2යි. වාහන 16යි. අපි කිව්වා ඔක්කොම ඉතා ඉක්මනින් භාර දෙන්න කියලා. දැනට තියන චක්‍රලේඛය අනුව වාහන තුනක් හිමියි. ඒ වාහන තුන ලබා දෙනවා. හැබැයි අපි දැනට කමිටුවක් පත් කරලා තියනවා ඒ චක්‍රලේඛ සංශෝධනය කරන්න. ඒ චක්‍රලේඛ සංශෝධනය කරලා හිටපු ජනාධිපතිවරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා.

කවුරුවත් කෙඳිරි ගාන්න එපා. කවුරුවත් කලබල වෙන්න එපා. කවර හෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියනවා නම්  අපි ආරක්ෂාව ලබා දෙන්නම්. හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

ආසන්නම හිටපු ජනාධිපතිවරයා මට ලියුමක් එවලා තියනවා එතුමාට අවශ්‍යයි කෝකියො 16 දෙනෙක්, ආරක්ෂාවට 163ක්, වාහන විසි ගණනක්, කුඩ 30ක්…. දෙන්න ඕන ද?

දෙන්නේ නෑ… මතක තියා ගන්න.

මේ රටේ මහජනයාගේ ධනයෙන් ඒ විදිහෙ නාස්තිකාර ජීවිත ගත කරලා ඒ ගොල්ල දැන් හිතන් ඉන්නවා අයිතියක් ලෙස. ඒවා පාවිච්චි කරලා පාවිච්චි කරලම දැන්  ඉහතනවා ඒව ඒ අයගේ අයිතියක් කියලා. මේක අයිතියක් නෙමෙයි. ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න… දෙන්නෙ නෑ. මතක තියා ගන්න.

බොරුවට නිවේදන දාන්න එපා ආරක්ෂාවට තර්ජනයක් කියලා. මේ තියෙන්නේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන්නෙ මහජනතාවගේ දේපල තමන්ගේ අයිතියක් ලෙස නාස්ති කිරීමට දරන ප්‍රයත්නයක්. එය  නතර කිරීම  සඳහා මේ රටේ ජනාතවගෙන් අපට ජන වරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරමට අනුව කටයුතු  කිරීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ. ඒවා කරනවා.

කුඩු පාතාලය නැති රටක්…

ඒ විතරක් නෙමෙයි. පහුගිය දා අප නිවේදනයක් නිකුත් කළා බලපත්‍ර දීලා තියනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුද තියා ගන්න. අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියනවා නම් අපි නැවත ඒවා ලබා දෙන්නම් කියලා. වෙන මොනවවත් නිසා නෙමෙයි. අපේ රටේ විශාල අවි ආයුද ප්‍රමාණයක් සංසරණය වෙනවා මේ රටේ.

මම නම් නොකියන්න හිටියට කියන්නම්. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයුද හයක් හතක් දීලා තියනවා. යෝෂිතට දීලා තියනවා. ඇවන්ගාර්ඩ් ට ආයුද 08ක් දීලා තියනවා. ආණ්ඩුවේ ආයුද. එහෙම කරන්න පුලුවන්ද කාටවත්. ඔක්කොම ආපහු ආණ්ඩුවට බාර දෙන්න ඕන.

ඒ වගේම නීත්‍යානුකූලව    ලබාදී තිබෙන ආයුද නිවැරදි පරිදි සමාලෝචනය කරලා පසුව අපේ රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත් පත් කරගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුමක් දියත් කරනවා.

මේ රටේ තැන තැන ඝාතනයන් සිදුවන තැන තැන අපරාධ සිදුවන  යුගය අපි අවසන් කරනවා. ඒ සඳහා ගත යුතු පියවර අපි ගන්නවා.

විශේෂයෙන්ම ගත්තොත් ඔය අය දන්නවා අපේ රටේ මත් කුඩු පිළිබඳව. අපි සැලසුම් කරමින් ඉන්නවා. මතක තියාගන්න. අපි මත් කුඩුවලින් තොර ශ්‍රී ලංකාවක් හදන්න කටයුතු කරනවා.

රට හදන්න ඕන. අපට එරෙහිව අසාර්ථක අවලාද ගහනවා. ඇත්තට ගත්තොත් අවලාදයක් ගහන්නවත් කෙනෙක් නෑ. බොරුවක් කියන්නවත් කෙනෙක් නෑ දැන්.

මන් නැවත සහතික කරනවා පියවරින් පියවර ශක්තිමත්ව රට ගොඩනැගීමේ වැඩේ අපි භාරගන්නවා. අපි ඒ වැඩේ කරනවා.

අපි ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඒ සඳහා  ඔබට සහාය දෙන්න. ඒ සදහා ජනතා සහාය අවශ්‍යයයි. මේ මගේ රට විතරක් නෙවෙයි. ඔබෙත් රට. මේක අපේ රටේ සියලුම දරුවන්ගේ අනාගතය පිලිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය විසඳන්න නම් අපි මේ සඳහා වැඩ කළ යුතුයි. මේ කටයුත්ත  මෙහෙයවිය යුතුයි.

අපේ පරම්පරාව අපි වැඩ කරමු. අපේ පරම්පරාව අපි මේ වෙනුවෙන් කැප වෙමු. අපේ අනාගත පරම්පරාවට හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. මේක තමයි අවස්ථාව.  අනික් කිසිවක් ගණන් ගන්න එපා. අනික් දේශපාලන පක්ෂවල කුඩා කුඩා කෙඳිරිලි. ඒවා දුකට කියන කතා.  ඒ නිසා අපි ඉතාම ස්ථාවරව ශක්තිමත්ව මේ පාලනය ඉදිරියට ගෙනියනවා.

අනාගත කැබිනට් එක

මේ සඳහා අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. අපි මේ වනවිටත් අමාත්‍යාංශ විද්‍යාත්මකව හදලා තියනවා. අමාත්‍යාංශ 15ක්. තව එක අමාත්‍යාංශයක් අපි හදන්න ඉන්නවා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයක්. එතකොට 16යි. උපරිම අමාත්‍යාංශ 25යි. නොවැම්බර් මාසේ 14 වැනිදයින් පස්සේ උපරිම අමාත්‍යාංශ 25කට අමාත්‍යාංශ ස්ථාපිත කරනවා. ඒකට අවශය නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරනවා. මේ රට ආපසු හරවන්න බැරි තරමේ ජයග්‍රහණයන් සඳහා අපි මෙහෙයවනවා. ජයග්‍රහණ ලබා දෙනවා.

ඒකට අවශ්‍ය වෙන්නේ අන් කවරක්වත් නොව, ඒ ජනාධිපතිවරණයේ දී ලබා දී තිබෙන ජන වරමට ශක්තියක්වන අපේ අරමුණු ජයග්‍රහණයන්ට මෙහෙයවීම සඳහා ශක්තියක්වන දායකත්වයක් ලබා දෙන පාර්ලිමේන්තුව අද අපට අවශ්‍යයයි. අද අවශ්‍ය වී තිබෙන්නේ වෙන කිසිවක් නොවේ, බලවත් ආණ්ඩුවක්. අද මේ රටට අවශ්‍ය මේ සකස් කර ඇති න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලවත් ආණ්ඩුවක්. සෑම අතින්ම බලවත් ආණ්ඩුවක්.

පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම ප්‍රමාණයෙන් බලවත් වෙන්න ඕන. ගුණාංගවලින් බලවත් වෙන්න ඕන. අවංක භාවයෙන් බලවත් වෙන්න ඕන. අදූෂිත භාවයෙන් බලවත් වෙන්න ඕන. අධිශ්ඨානශීලීත්වයෙන් බලවත් වෙන්න ඕන.

අන්න එවැනි හැම අතින්ම බලවත් ආණ්ඩුවක් අපි නොවැම්ර් මාසේ 14 වැනිදා ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. පෙළ ගැසෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. හැම දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය උඩ දාගෙන ගම්මන්පිල ගහන දේශපාලන ගේම් එකේ අභ්‍යන්තර තොරතුරු ලීක් වෙයි!

Next Post

ඔබ කළේ බරපතල වැරැද්දක්… නෙතන්යාහූ ගෙන් හිස්බුල්ලා සංවිධානයට මාරක X පණිවිඩයක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.