රජය රටට ප්රතිලාභයක් අත්කර නොදී අසීමිත ණය ගැනීම් දිගටම කරගෙන යන බවත් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ණය ලෙස දින 13ක් තුළ රජය රුපියල් බිලියන 419ක් ණය අරගෙන ඇති බවත් සමගි ජන බලවේගය රජයට චෝදනා කරයි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ රජය පැයකට රුපියල් බිලියන 1.34 ක් ණය වී ඇති බවත්ය.
සමගි ජන බලවේගයෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔක්තොම්බර් 2 සිට ඔක්තොම්බර් 15 වැනිදා දක්වා දින 13ක් ඇතුළත රජය භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර හරහා රුපියල් බිලියන 419 ක් ණයට ගෙන ඇති බවය.
රජය දිගින් දිගටම අසීමිත ණය ලබා ගනිමින් සිටින බවත් එයින් රටට ප්රතිලාභයක් නොමැති බවත් රෝහිනී කවිරත්න කියයි. ඇය පෙන්වා දෙන්නේ රජයේ සේවකයන්ගේ වැඩි කළ වැටුප් ගෙවීමට නොහැකිව රජය අපහසුතාවට පත්ව සිටින ආකාරය පෙනෙන බවය.
ඔක්තෝබර් 02 වැනිදා රුපියල් බිලියන 142.2ක්, ඔක්තෝබර් 09 වැනිදා රුපියල් බිලියන 85ක්, ඔක්තෝබර් 11 වැනිදා රුපියල් බිලියන 95ක් සහ ඔක්තෝබර් 15 වැනිදා බිලියන 97ක් ලෙස මෙම ණය ලබාගෙන ඇති ආකාරය ඇය හෙළි කළාය.
රාජ්ය සේවක වැටුප් වැඩකිරීම ඇතුළු සහන සැලසීම සිදු නොකළ රජයෙන් මෙම ණය මුදල් යොදා ගනිමින් සිදුකළ ආයෝජන මොනවාද යන්න පැහැදිලි කරන ලෙස හිටපු මන්ත්රීවරිය ඉල්ලා සිටියාය.







