බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියයට 3 සිටි අපට බහුතර බලය දෙන්න ජනතාව ගත් අධිෂ්ඨානශීලී තීන්දුව අංශුවකින් හෝ බිඳ දමනවා නම් අපි මිනිස්සු නෙමෙයි… ජනපති සිය අනාගත පාර්ලිමේන්තු කණ්ඩායම අමතා කියයි!

by editor
ඔක්තෝබර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කවදාවත් ස්වකීය ප්‍රතිපාක්ෂිකයින්ට ප්‍රබන්ධ විවේචන කරන්න එපා. කොයි වෙලාවක හරි චෙක් මේට් වෙනවා…. ජනාධිපතිවරණයක දී ප්‍රතිපාක්ෂිකයින් අපට කළ ප්‍රබන්ධ විවේචන ඔවුන්ට පාරාවළලලක් වෙන්න දින 21 ගත වුනේ නැති හැටි බලන්න….

  • ආණ්ඩුකරණ බලය අපි අතේ… කිසිම මතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුනොකරන තැනට වග වෙලා ජනාධපතිවරණයේ පෙන්වූ ආදර්ශය දේශපාලන සංස්කෘතියක් කරමු… කිසිම කෝප ගැන්වීමකට උසි ගැන්වීමකට හසුවී ග්‍රාම්‍ය ප්‍රචණ්ඩත්වය වපුරන්න එපා…

මේ රටේ ජනතාව මොනම ආකාරයකින් හෝ අත් නොහැරීමේ වගවීමක් ජාතික ජන බලවේගයට ඇති බවත්,  සියයට තුනක හිටිය ව්‍යාපාරයක් රටේ බහුතරක් සහිත ව්‍යාපාරයක් කරවීම සදහා රටේ ජනතාව ගනු ලැබූ විශ්වාසනීය, අධිශ්ඨානශීලී ආශ්චර්යමත් තීන්දුව පිළිබඳ ජනතා විශ්වාසය අංශු මාත්‍රයකින් හෝ බිඳ හෙළනවා නම් අප මනුෂ්‍යයින් නොවන බවත් සිහි තබා ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මහ මැතිවරණයට මුහුණ දෙන මාලිමාවේ අපේක්ෂක කණ්ඩායම අමතමින් අද අවධාරණාත්මකව ප්‍රකාශ කළේය.

“මිනිස්සු මොනතරම් විශ්වාසයක් සහ අධිශ්ඨානශීලිත්වයක් අප කෙරෙහි තබා තිබෙනව ද?. ඒ නිසා ව්‍යාපරයක් ලෙසත් පුද්ගලිකව තනි තනියමත් අපට මේ පුරවැසියන් තබා තිබෙන වගවිම, පුරවැසියන් තබා තිබෙන විශ්වාසය බිඳකින්වත් බිඳවට්ටන්න අයිතියක් නෑ. එහෙමනම් අපි මිනිස්සු නෙමෙයි. හිතන්න ඕන. මේ පුරවැසියන් අප කෙරෙහි විශ්වාස තැබීම ආශ්චර්යයක්. මේක විශ්මයක්. අප දන්නවා අප කවුද කියලා. එහෙම මිනිස්සු අප කෙරෙහි විශ්වාසය තබනවා.
අපි කිසිවෙකුට මිනිස්සුන්ගේ විශ්වාසය කුඩා ප්‍රමාණයකින් හෝ බිඳවටන්න අයිතියක් නෑ.” ජනාධිපතිවරයා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී අද (13) පැවැති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් අමතමිනි.

ජනාධිපතිවරණයේ දී පැවතියේ ඉතිහාසයේ නොවූ ආකාරයේ තීව්‍ර මතවාදී ගැටුමක් බවත් පැරණි දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යනවා ද, එසේත් නොවේ නම් නව දේශපාලනික ආර්ථික සංස්කෘතියකට යනවාද යන්න තෝරා ගැනීම ජනතාව අභියස තිබුණු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී ජාතික ජන බලවේගය තෝරා ගැනිම සම්බන්ධව ජනතාව ගනු ලැබුවේ අවදානාත්මක තීරණයක් බවත් ඒ අවදානම තමන් වෙත ගෙන ජනතාව අධිශ්ඨානශීලී තීන්දුවක් ගත් ජනතාවට ස්තුතිවන්ත වනවා සේම ගෞරවය පිරිනැමිය යුතු බව ද හෙතෙම කීවේය.

“අනෙක් කඳවුරු සතුව මුදල් තිබුණා. මාධ්‍ය බලය තිබුණා. රාජ්‍ය බලය තිබුණා. ඒ තරම් තීව්‍ර කළ අවස්ථාවක ජනතාව අපව ජයග්‍රහණය කරන්න තීරණය කළා. ඒ ජනතාව ප්‍රාර්ථනා කළ ජයග්‍රහණය
මේ මාතෘ භූමිය තුළ යතාර්ථයක් වන්නේ ඊට අවශ්‍ය ශක්තිමත්ම දේශපාලන නායකත්වය මතයි. ඒ දේශපාලන නායකත්වය ශක්තිමත් නම් පමණයි. එය වෙනස් කිරීමට ශක්තිමත් නායකත්වයක් සැපයිය යුතුයි.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“දැන් ගත්තොත් අපේ දේශපාලන බලය ඉතාම කුඩා තැනක. ජනාධිපතිවරයෙක් 3කින් යුත් කුඩා කැබිනට් මණ්ඩලයක්.
එය කිසේතේම මේ ධෛර්යවන්ත හැරවීම සඳහා ප්‍රමාණවත් වන්නේ නෑ.
ජනාධිපතිවරයාටත් වත්මන් කැබිනට් මණ්ඩලයටත් පැටවී ඇත්තේ ශක්තිමත් බල ව්‍යුහයක් හදා ගන්නා තෙක් සංක්‍රාන්ති කාලයක් ගත කරන්න. ”

“සංක්‍රාන්ති අවධියේදී අපට කළ හැකි දේ තියනවා. අප අවධානය යොමු කළ යුතු දේ තියනවා. අප කාර්යක්ෂමව වෙනස් කළ යුතු දේ තිබෙනවා. ඒ වගේම අපි ඉවසිය යුතු දේත් තිබෙනවා. මොකද සමහර තීන්දු තීරණ මෙන්ම සමහර ක්‍රියා කාරිත්වයන් සඳහා මීට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපට අවශ්‍යයයි. අප හමුවේ ඇති වගකීම තමයි ඒ දේශපාලන බලය මේ නොවැම්බර් මාසේ 14 වැනිදා අත් පත් කරගැනීම
අපේ වැඩ පිළිවෙළත් ක්‍රියාකාරිත්වයත් කාර්යක්ෂමවත් වේගවත්වත් පරිවර්තනීය ලෙසත් වෙනස් කිරිම සඳහා පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා ගැනිම සඳහා අප වැඩ කළ යුතුයි.” ජනාධිපතිවරයා පැවසුවේ ශක්තිමත් බලයක් යනු ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොවන බවය.

“ශක්තිමත් බලය කියන්නේ පාර්ලිමේන්තුවෙ ඇතුළෙ ඔළුගෙඩි ප්‍රමාණය නොවෙයි. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දි එවකට මහින්ද රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ශක්තිමත් වුනේ නෑ. අවුරුදු 05කට පස්සේ ඔවුන් පරාජය වුනා.”

“2020 දී ගෝඨාභයර රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුනා. නමුත් අවුරුදු දෙක හමාරෙදි පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙරද යන්න සිද්ධ වුනා. ඒ නිසා මේ ශක්තිමත් බලය කියන්නෙ පාර්ලිමේන්තුව ඇතුළෙ නිර්මාණය වන ඔළුගෙඩි ප්‍රමාණය පමණක් නොවේ. ශක්තිමත් බලයක් කියන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන හිස් ප්‍රමාණය නම් අපේ රටේ 2010 ශක්තිමත් ආණ්ඩුවක්. 2020 ශක්තිමත් ආණ්ඩුවක්. හැබැයි ඒවා ඉතා කෙටි කාලයක දී ජනතාව විසින් පලවා හරින ලද පාලනයන් වුනා.”

“ඒ නිසා ශක්තිමත් බලයක් බලයක් වෙනුවෙන් පාර්ලිමේන්තු බහුතර නියෝජනය අවශ්‍යයයි. හැබැයි කවරාකාර නියෝජනයක් ද අපට අවශ්‍ය වන්නේ. එය ප්‍රමාණාත්මක නියෝජනජයක් වගේම සමාජය අපේක්ෂා කරන ගුණාත්මක ගති ලක්ෂණ විශාල ප්‍රමාණයකින් ශක්තිමත් කළ නියෝජනයක් විය යුතුයි. ඒ නැතිව පාර්ලිමේන්තුවේ හුදු ඔලු ගෙඩි ගණනින් පිරුණ ශක්තිමත් බලය වැඩක් නෑ… මතක තබා ගන්න. අත්දැකලා තිබෙනවා.”

අපට අවශ්‍ය කරලා තියෙන්නේ ප්‍රමාණාත්මක බහුතර බලයක් වගේම නව ගුණාත්මක ගුණාංගවලින් විශාල ප්‍රමාණයකින් සමන්විත පාර්ලිමේන්තුවක් අපට ඕන. එහෙමනම් අන්න ඒ ගුණාත්මක කොටස කැටුව එන්නෙ ඔබ. ප්‍රමාණාත්මක කොටස ලබා දෙන්නෙ ජනතාව. ඒක ඔවුන් අපට ලබා දෙයි. හැබැයි ඒ ප්‍රමාණය කොයිතරම් ප්‍රමාණයකින් ගුණාත්මක ද කියලා තීරණය කරන්නෙ ඔබ. ඒ නිසා මම හිතනවා ඔබට ඉතාම විශාල කාර්යභාර්යයක් තියනවා කරන්න.”

ජනාධිපතිවරයා පැවසුවේ පාර්ලිමේන්තුව පිළිබඳ මේ වනවිට ජනාතවගේ ඇති කලකිරුණු විවේචනය සාධනීය ලෙස වෙනස් කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ නියෝජනයට ලැබෙන බවය. බලය වෙනුවෙන් පිල් මාරු කරන, මන්ත්‍රී ඇමති බලය යොදාගෙන පුද්ගලික අනීතික ගනුදෙනු කරන, නීතිය තමන්ට අවශ්‍ය ලෙස හසුරුවන, මන්ත්‍රීවරයෙක් ලෙස ලැබෙන බලය ජනතාවට වඩා උඩින් හිඳීමට භාවිතා කරන,  විධිමත් සංවාදයක් ගොඩනගනු වෙනුවට ගාලගෝට්ටියක් නිර්මාණය කරන පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා අප්‍රසාදය ප්‍රකාශ වන්නේ දශක ගණනාවක සිට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහෙත් සිදුවූයේ දශක ගණකක් තිස්සේ ඒ ප්‍රතිඵල නැවත නැවත ඇතිකරමින් සියලු වර්ගයේ විනාශයන් සහිත සියලු වර්ගයේ අවරගණයන් සහිත පාර්ලිමේන්තුවක අත්දැකීම පාර්ලිමේන්තු නියෝජිතයෙක් ලෙස තමන් අත්දුටු බව ජනාධිපතිවරයා පැවසුවේය.

“සියලු ගනයෙ විනාශයන් සියලු වර්ගයේ අවරගණයන් පරාජය කරන මිනිසුන්ගෙන් යුතු පාර්ලිමේන්තුවක් අපි සැදිය යුතුයි. එය කරන්නේ කවුද?. ඒ ඔබ. මේ කටයුත්ත සඳහා ජාතික ජන බලවේගයට ව්‍යාපාරයක් ලෙස විශාල කාර්යයක් පැවරී තිබෙනවා. පුරවැසියන් ඉතාම ඕනෑකමින් ඒ දෙස බලාගෙන ඉන්නවා. හැබැයි ආපහු ඒක බැලුවොත් ජාතික ජන බලවේගයේ අපේක්ෂාව මුදුන්පත් කර ගත හැක්කේ ඔබ තනි තනිව මොනතරම් ප්‍රමාණයකට එය සාර්ථක කරගන්න පුලුවන්ද කියන සාධකය මතයි. ඔබ තනි තනිව අසාර්ථක නම් ජාතික ජන බලවේගය වෙත පුරවැසියන් තබා තිබෙන විශ්වාසය අසාර්ථක වෙනවා. ඔබ තනි තනිව ඒ වෙනස් කිරීමට සූදානම් නම් ජාතික ජනබලවේගය සම්බන්ධව තබා තිබෙන පුරවැසියන්ගේ බලාපොරොත්තුව සාර්ථක වෙනවා.”

“පළමු කොටම මා ඔබගෙන් ඉල්ලන්නේ අපේ රටේ මහ ජනතාව ගුණාත්මක පාර්ලිමේන්තුවක් පිළිබඳව තබා තිබෙන බලාපොරොත්තුව බඳවට්ටන්න ඉඩ නොදී ජනතාව විසින් ප්‍රමාණයෙන් බහුතරයක් ලබා දී තිබෙන බලය විශාල කාර්යයක් සේ කරට ගත්තු පුද්ගලයින් ලෙස ගුණාත්මක පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබ සියලු දෙනා බාරගත යුතුයි.”

ජනාධිපතිවරයා පැවසුවේ ප්‍රබන්ධ විවේචනයන් විරුද්ධවාදීන් වෙත නොකළ යුතු බවය. ස්වකීය විරුද්ධවාදියා දෙස ඔවුන්ට වඩා ඉහළින් සිට බලා ග්‍රාමීය ගැටුම්වලට නොයා යුතු බවය. කුමණ අකාරයේ අවරගණයේ ප්‍රචණ්ඩත්වයක් ප්‍රතික්ෂේප කරන උසස් දැක්මකින් යුතු ජන නායකයින් පිරිසක් ජාතික ජන බලවේගය වටා ගොඩනැගෙන ජනතා ව්‍යාපාරය නියෝජනය කළ යුතු බවය.

ජාතික ජන බලවේගය වෙත විරුද්ධ පාර්ශව කළ ප්‍රබන්ධ විවේචනයන් දින 21ක් තුළ ප්‍රබන්ධම වූ ආකාරයත් එය ඔවුන්ටම පාරාවළල්ලක් වූ ආකාරයත් අත් දැකීම් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. එය එම පාර්ශවවලට මොනතරම් ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති දැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලකයින් දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වීම දක්වා බලපෑම් කර ඇති බව පැවසුවේය.

“අප කිසිම අවස්ථාවක ප්‍රතිවිරුද්ධ පාර්ශව වෙත ප්‍රබන්ධ විවේචනයන් නොකළ යුතුයි. අප විසින් හැම වෙලාවෙම ප්‍රතිවිරුද්ද පාර්ශවයන්ට ඉදිරිපත් කළ යුත්තේ යථාර්ථවාදී විචේචනයන් මිස අප විසින් මනසේ ඇතිකරගන්නා ලද ප්‍රබන්ධ විවේචනයන් නොවේ. ප්‍රබන්ධ විවේචනයන් ඕන වෙලාවක චෙක් මේට් වෙන්න පටන් ගන්නවා. අද ඒක වෙලා තියනවා.” ඔහු කීවේය.

ප්‍රචන්ඩ ක්‍රියා රහිත මැතිවරණ සංස්කෘතියක් ස්ථාපිත කළ යුතු බව ඔහු අවධාරණය කර ප්‍රකාශ කළේය.

“සිදුවීමක් සංස්කෘතියක් බවට පත් වන්න එම සිදුවීම නැවත නැවත සිදුවිය යුතුයි. 2024 මැතිවරණය සාමකාමියි. 2024 පශ්චාත් මැතිවරණ සමය සමාකාමීයි. එය සිදුවීමක්. එම සිදුවීම සංස්කෘතියක් විය යුතුයි. දැන් රාජ්‍ය බලය අප අතේ තිබෙන්නේ. ආන්ඩුකරණය තියෙන්නෙ අපි අතේ. ඒ නිසා වෙන කවරදාටවත් වඩා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අප අපේ කැපවීම පෙන්විය යුතුයි. ”

“අප අනිකා දෙස බැලිය යුත්තේ දේශපාලන සමානයන් ලෙස නොවේ. අපි අනිකා දෙස බැලිය යුත්තේ අනෙකාට වඩා දේශපාලනිකව උඩින් සිටිමින්. එහෙම මනසක් අප නිර්මාණය කරගත යුතුයි. අපි පරණ සියයට 3 මනසින් නම් වැඩ කරන්නේ අප ඔවුන්ට සමානයින් ලෙස, නැතිනම් ඔවුන්ට යටින් සිට ඒගොල්ල දෙස බලන්නන් වෙනවා. ඒ නිසා කිසිදු වර්ගයේ ගැටුමකට කිසිදු වර්ගයේ උසිගැන්විමකට, කිසිම වර්ගයේ කුපිත කිරීමකට අප ලක් නොවිය යුතුයි. දෙමව්පියන් දරුවන් දෙස බලන විදිහට ඒ අය දෙස බලන්න ඕන. අපි එතෙන්ට එන්න ඕන. මේ ව්‍යාපරය තමයි මේ රටට අනාගතය හදන ව්‍යාපාරය. එවැනි ව්‍යාපාරයක් උසස් ගුණාංගවලින් සමන් විය යුතුයි. එය අපේ දේශපාලන සංස්කෘතිය විය යුතුයි.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය යනු මේ වනවිට සෑම ජන කොටසකගේම විශ්වාසය දිනා ගත් ජාතික ව්‍යාපාරය බවය. එය පවත්වා ගැනිම සඳහා මේ මෙහොතේදීත් මේ අයහපත් කාලගුණ තත්ත්ව තුළ මහ වැස්සේ අවතැන් වූවන් සොයා තෙමි තෙමී බයිසිකල් පදින සහෝදරවරුන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. මෙම ජනතා ව්‍යාපාරය ගොඩනැගුනේ කාර්යාලයේ කම්කරුවාගේ සිට ආහාර පිසින තැනැත්තාගේ සිට නිර්මාණකරුවන්, විද්වතුන්, වෘත්තිකයින් සහිත පුද්ගලික අපේක්ෂා රහිත උතුම් මනුෂ්‍යයින් පිරිසකගේ අඛණ්ඩ කැපවීම් මතින් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජිතයින් ජනතාවට මෙන්ම ඒ ජනතා ව්‍යාපාරයට ද වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම අත් නොහැරිය හැකි ජනතා වගකීමක් මේ නියෝජිත කණ්ඩායම සතුව ඇති බව කී ඔහු එම වගකීම අංශු මාත්‍රයකින් හෝ පලුදු වන්නේ නම් අපට මිනිසුන් කිව නොහැකි බව කීවේය.

“අපට අත්හරින්න බැරි දෙයක් තියනවා… ඒ මේ රටේ ජනතාව. අවදානම් සහිත තීන්දුවක් මිනිස්සු ගත්තා. ඒක ලේසි නෑ. සියයට තුනක හිටිය ව්‍යාපාරයක් රටේ බහුතරක් සහිත ව්‍යාපාරයක් විමේ දී මිනිස්සු මොනතරම් විශ්වාසයක් සහ අධිශ්ඨානශීලිත්වයක් අප කෙරෙහි තබා තිබෙනව ද?. ඒ නිසා අපට ව්‍යාපරයක් ලෙසත් පුද්ගලික තනි තනියමත් මේ පුරවැසියන් තබා තිබෙන වගවිම, පුරවැසියන් තබා තිබෙන විශ්වාසය බිඳකින්වත් බිඳවට්ටන්න අයිතියක් නෑ. එහෙමනම් අපි මිනිස්සු නෙමෙයි. හිතන්න ඕන. ”

“මේ පුරවැසියන් අප කෙරෙහි විශ්වාස තැබීම ආශ්චර්යයක්. මේක විශ්මයක්. අප දන්නවා අප කවුද කියලා. එහෙම මිනිස්සු අප කෙරෙහි විශ්වාසය තබනවා. අපි කිසිවෙකුට මිනිස්සුන්ගේ විශ්වාසය කුඩා ප්‍රමාණයකින් හෝ බිඳවටන්න අයිතියක් නෑ.”

“ගොඩ නැගී ඇති කැත දේශපාලන සංස්කෘතියේ කිසිදු ගුණාංගයක් ඉදිරිපත් නොකරන මිනිසුන් බවට අප පත්වෙමු. අපි හැමවිටම සාමුහික ක්‍රියාකාරිත්වයේ කොටස් කරුවන් බවට පත් වෙමු. මේ කිසිවක් අපේ පෞද්ගලික ජයග්‍රහණයේ කොටසක් නොව මේ සියල්ල අපේ සාමුහික ජයග්‍රහණයේ කොටසක් බවට පත් කරගනිමු. තමන් පිළිබඳව තමන්ට කළ හැකි දෑ මෙන්ම නොකළ හැකි දෑ ගැන අවබෝධයක් සහිත තමන් සම්බන්ධව ස්වයං ඇගයීමක් තිබෙන ජනතා නායකයින් බවට පත් වෙමු.”

යහපත් රටක් ගොඩනැගීමට සාමුහිකව එක මිටට එක්වී වැඩ කිරීමට සැරසෙන ලෙස අවසාන වශයෙන් ජනාධිපතිවරයා සිය අනාගත පාර්ලිමේන්තු කණ්ඩාමෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බූස්ස අධි ආරක්ෂිතයේ ගණේමුල්ල සංජීවගේ සහ වෙලේ සුදාගේ සිර කුටි අසල ජංගම දුරකථන… STF මෙහෙයුමකින් සොයා ගනී!

Next Post

අද දඹුල්ලෙන් ඇරඹෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 තරගාවලිය අපට තීරණාත්මක වන්නේ ඇයි?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.