සූරියවැව නුවන් ජයසේකර –
සමේ රෝගයක් හේතුවෙන් සිත් තැවුලට පත්ව තනියම නිවසක ජීවත්ව සිටි විශ්‍රාමික ග්‍රාම නිළධාරීවරයෙකු සිය නිවසේ ඉහළ මහලයේ කාමරයක් තුළදි බෝර 12 වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන අද (08) අළුයම සියදිවි නසාගෙන ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කතරගම පොලිස් වසමේ අංක 177, රජ මාවත, කඳ සුරිඳුගම, කතරගම ලිපිනයේ පදිංචි බෝවිටිය වික්‍රමසිංහ විතානගේ අනුර නැමති 66 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකි.
මරණකරු කලක් තිස්සේ සමේ හටගත් රෝගයක් හේතුවෙන් දැඩි සිත් තැවුලට පත්ව සිට ඇති අතර,කලක සිට බිරිය හා ඇති වු අමනාපයක් හේතුවෙන් මරණකරු තනිවම නිවසේ ජිවත්ව සිට ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මරණකරු සිය නිවසේ උඩු මහලේ කාමරයක් තුළදී හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වන්නේ මරණකරුට අයත් බළපත්‍ර සහිත බෝර 12 වර්ගයේ ගිනි අවියෙන්ම බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් කිසියක් අපරාධයක්ද යන්න පිළිබදව කතරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි








නවකතාකරු අනුර වික්‍රමසිංහ සියතින්ම දිවිගමන නිමකරගනිී
කතරගම රජමාවත,කඳසුරිඳුගම,විසූ හිටපු ග්‍රාමනිලධාරි අනුර වික්‍රමසිංහ මහතා හදිසියේ විොය්වී ඇත්‍රඒ මහතා ප්‍රකට නවකතාකරුවෙක්ද වේ.ඔහු මෙම නවකතා පරිගණකයෙන් ලියා ප්‍රකාශන ආයතන වෙත බාර දුන්නද ඒ සඳහා කිසිම මුදලක් නොගත්බව ප්‍රකට කරුණකි.හර්දයාංගම මිතුරෙකුවන අනුර ලේඛකයානන්ට මෙවන් අකල් මරණයක් නොවේවායි පතමු.