හිටපු ජනාධිපති රනිල් වික්රසිංහට සිය ආරක්ෂාව සදහා ලබා දි තිබූ 300ක පොලිස් බලඇණිය නැවත කැඳවා තිබේ.
මේ අතර කාලයක් තිස්සේ හිටපු ජනපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ ද වේ. ප්රධාන පොලිස් පරීක්ෂවරු 11ක්, පොලිස් පරීක්ෂකවරු 05ක් උප පොලිස් පරීක්ෂකවරු 37ක්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරු 12ක් කැඳවූ පිරිස අතර වෙති
අද පස්වරුවේ දී වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත. හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ පොලිස් නිලධාරින් යළි කැඳවා ඇත්තේ මෙසේය.









