සූරියවැව නුවන් ජයසේකර –
අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීමෙන් පසු තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 10ක් අල්ලස් මුදලක් දි අත්අඩංගුවෙන් මිදීයාමට උත්සාහ කළ ටෙලි නාට්‍ය නළුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 වන දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය තණමල්විල පොලිසියට අවසර ලබා දි තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ තණමල්විල, බළහරුව, ගඟේයාය පදිංචි 26 හැවිරිදි එදිරිසිංහ ආරච්චිගේ අසංක නැමති තරුණයෙකි. ඔහු ටෙලි නාට්‍යවලට සම්බන්ධ වි සිටින අතර එය ආවරණයක් කරගෙන මත්කුඩු ජාවාරම ද සිදුකර ඇත.
සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරායට ලද පුද්ගලික තොරතුරටකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී සැකකරු ඊයේ (04) දින රාත්‍රි තණමල්විල බලහරුව ප්‍රෙද්ශයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 300ක් අලෙවි කිරිමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට පත් වීමෙන් පසු අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා දිමට උත්සාහ කර ඇත. එමෙන්ම සැකකරු වෙනුවෙන් එම අවස්ථාවේදීම නිතිඥ වරයෙකුද පොලිස් ස්ථානයට පැමිණ සැකරුට නිති සහාය ලබා දී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුට මිට පෙරද තලෛයි මන්නාරම ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව නඩු කටයුතු පවත්වාගෙන යන අතර අයථා වත්කම් ඉපැයිම සම්බන්ධ විමර්ෂණයක්ද පවතින බව මුලික පොලිස් පරික්ෂණ වලදි අණවරණය වි තිබේ. සැකකරු 05 දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා මේ මස 11 වන දින දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි.







