නව රජයේ අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මිට ස්වල් වෙලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.
ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලාංකේය විද්වතෙකි. සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. දේශපාලනඥයෙකි. සමාජ විද්‍යාඥවරියක මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්ය වරියකි.
ඇය 2024 වසරේ සිට නව රජයේ අග්‍රාමාත්‍යවරිය ය. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන්නීය.
එමෙන්ම අධිකරණ අමාත්‍යාංශයේත්, අධ්‍යාපන අමාත්‍යාංශයේත්, කම්කරු අමාත්‍යාංශයේත්, කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේත්, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යාංශයෙත් අමාත්‍යවරිය ලෙස ඇය වගකීම් දරන්නීය.

ආචාර්ය හරිනි අමරසූරිය අද සනිටුහන් කළේ ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයකි. ලංකාවේ සම්භාවනීය විද්වත් කාන්තාවක් ලෙස ඇය අද මෙම තනතුරට පත් වන්නේ විශිෂ්ට අතීතයක් සමගය.
1960 දී ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ඉතිහාසයට එක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තුන්වරක් සේවය කරමින් කාන්තා නායකත්වයේ ගෝලීය සංකේතයක් බවට පත් වූවාය.
ඇයගේ දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය බවට පත් වූවාය.







