ශ්‍රී ලංකවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අවසන් වී ඇත.
ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූයේය. සවස 4ට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් විය. , දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලි දහස් තුන්සිය පනස් හතරක් , සුදුසුකම් ලැබ සිටියහ.
අද (21) දහවල් 2 වනවිට රටේ සමස්ථ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා විය.
ඒ අනුව අද දහවල් 2 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
කොළඹ – 60%
ගම්පහ – 62%
කළුතර – 60%
මහනුවර – 65%
මාතලේ – 68%
නුවරඑළිය – 70%
ගාල්ල – 61%
මාතර – 64%
හම්බන්තොට – 60%
යාපනය – 50%
කිලිනොච්චිය – 56%
මුලතිව් – 57%
වව්නියාව – 62%
මන්නාරම – 60%
රත්නපුර – 60%
කෑගල්ල – 60%
මඩකලපුව – 35%
අම්පාර – 60%,
ත්‍රිකුණාමලය – 55%
කුරුණෑගල – 60%
පුත්තලම – 57%
අනුරාධපුර – 70%
පොළොන්නරුව – 65%
මොනරාගල – 65%
බදුල්ල – 59%







