සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගතය වෙනුවෙන් කරන කැපකිරීම් ගොඩක්… අත්හදා බැලීම් පෙළක්… අද ගාල්ලේදී අරඹෙන්නේ ටෙස්ට් ක්‍රිකට්වල අලුත් පරිච්ඡේදයක් ද?

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (18) ගාල්ලේදී ආරම්භවන නවසීලන්ත ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගය ශ්‍රි ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සිදුකරන කැපකිරීම් සහ අත්හදාබැලීම් රැසක් සහිත ප්‍රයාමයක් වන ආකාරය පෙනෙමින් ඇත.

දිනේෂ් චන්දිමාල් කඩුලු රකින්නේ නැත. ඒ වෙනුවට ඔහු අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීම භාරගෙන තිබේ. ඔහු පහළට ඇවිත් මේ කරගසන්නේ රට වෙනුවෙන් සහ අනාගත ක්‍රිකට් වෙනුවෙන් සිය ක්‍රිකට් ජීවිතය පරදුවට තබා කරන කැපකිරීමකටය. බොහෝ විට කඩුළු රකිනු ඇත්තේ කුසල් මෙන්ඩිස්ය. ආරම්භක පිතිකරුවෙක් ලෙසත්, අංක තුන පිතිකරු ලෙසත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් කඩුළු රැකීමෙන් පසු පහළ මැද පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු ඇත.

කණ්ඩායමේ සමතුලිත තාවය රැකදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත තුන්වන වේගපන්දු යවන්නා ලෙස තේරූ මිලාන් රත්නායක විශිෂ්ට පන්දු යැවීමක්, ලෝක වාර්තාවක් සහිත පිතිකරණයක් වාර්තා කළ සිය සාර්ථක මංගල සංචාරයෙන් පසු කණ්ඩායමේ සමතුලිතතාවය වෙනුවෙන් කණ්ඩායමෙන් බැහැරවී තිබේ. ගාල්ලේ දී විශේෂඥ දඟ පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය බලාපොරොත්තු සහගතව කණ්ඩායමට එක් වී සිටී.

ගාල්ල දෙවනත්කළ මුරලිට පමණක් දෙවැනි වූ ලංකාවේ සිටි ප්‍රභූ දඟපන්දු යවන්නාවන රංගන හේරත් දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායම සමග එක් වී ඇත. සනත් ප්‍රධාන පුහුණුකරු ලෙස රංගනගේ විශිෂ්ඨත්වය අවතක්සේරු නොකර ප්‍රති උත්තර ලබා දීමේ සැලසුමකය.

මේ සම්බන්ධව ඊයේ (17) මාධ්‍ය හමුවේ කදිම විග්‍රහයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය විසින් සිදුකළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අංක 3 කමිඳු ද?. මාධ්‍ය විමසුවේය.

නෑ… කමිඳු අංක 3 ගහන්නෙ නෑ. ඒක කරන්න බෑ, එයා මැදපෙළ පිතිකරුවෙක් විදිහට එයාගෙ සුපුරුදු භූමිකාව කරයි.

මිලාන්ට මොකද වෙන්නෙ?. තවත් ප්‍රශ්නයකි.

ඔව්.. කණ්ඩායම තෝරද්දි ලොකු ප්‍රශ්නයක් එනවා. අපේ තුන්වැනි වේග පන්දු යවන්නා කියන්නෙ හොඳම වේගපන්දු යවන්නා. ඔහු හොඳටම පන්දු යැව්වා. හොඳට පන්දුවටත් පහර දුන්නා. ඒත් අපි කණ්ඩායමක් බැලන්ස් කරන්න යනකොට දඟ පන්දු යවන්නෙක් ගේන්න ඕන ගාල්ලේ ක්‍රීඩාංගනයේ හැටියට. එතනදි මිලාන් රත්නායක විශේෂයෙන් මතක් කරන්න ඕන. පළවෙනි ටුවර් එකේ එයා කරපු දේ ගැන අපිට විශාල අගය කිරීමක් තියනවා. ඔහු පරිනත ක්‍රීඩකයෙක් ලෙසයි ක්‍රීඩා කළේ.

ඒත් මේ තරගයේ අවාසනාවට වගේ මිලාන් රත්නායක 11ට ගේන්න බෑ. වේග පන්දු යන්නන් දෙන්නයි ක්‍රීඩා කරන්න පුලුවන් ගාල්ලේ තණතීරුවේ. හොඳම වේග පන්දු යන්නො දෙන්නෙක් ඉන්නවා. අසිත ප්‍රනාන්දුයි ලහිරු කුමාරයි. මිලාන් එලියට යන්නේ වැරද්දක් කරලා නෙමෙයි. මේ කණ්ඩායම සමතුලිත කරන්න තමයි ඔහු එළියට යන්නේ.

මම මිලාන් එක්ක මේ ගැන ගොඩක් කතා කළා. ඒ ළමයට කියලා දෙන්න ඕන මේක. මම පෞද්ගලිකවත් කතා කරලා තේරුම් කළා මේ රට වෙනුවෙන් කළ දෙයක් කියලා. එතකොට ඒක එයා දන්නවා මේ වෙන්නේ මොකක්ද කියලා. අනික් ප්ලේයර්ස්ලත් දන්නවා හොඳට කරලා තමයි මිලාන් මේ කණ්ඩායමෙන් ඉවත ඉන්නේ කියලා. හැබැයි මිලාන් යන්නේ ටීම් එකේ බැලන්ස් එක වෙනුවෙන්.

චන්දිමාල් කඩුලු රකිනව ද ?

චන්දිමාල් කඩුළු රකින්නේ නෑ. එතන කල්පනා කරන්නේ නොම්බර 3 ක්‍රීඩා කරන්නේ කවුද කියලා. ඒ වගකීම චන්දිමාල් ගන්නවා නම් ඒක ලොකු දෙයක්.

චන්දි ඒක කරන්නේ රට වෙනුවෙන්. අපි ඔහුට අවශ්‍ය විශ්වාසය දෙන්න ඕන. ඔහුව බලා ගන්න ඕන. මොකද අපේ ක්‍රිකට් එක ඉස්සරහට හදාගන්න අනාගතය වෙනුවෙන් තමයි චන්දි පහළට ඇවිත් එහෙම දෙයක් කරන්නේ.

දඟ පන්දු යවන්නන්ගේ සංයුතිය මොකක් ද?

මේ තණතිල්ලේ හැටියට අපිට දඟ පන්දු යන්නන් ලෙස ධනංජය සහ කමිඳු මෙන්ඩිස් ඉන්නවා. ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් ඉන්නවා. අවශ්‍යතාවයේ හැටියට තණතිල්ලේ හැටියට පවතින තත්ත්වයේ හැටියට මද වේග පන්දු යවන්නෙක් විදිහට ඈන්ජලෝට බෝල් කරන්න පුලුවන්.

සනත් කියන්නේ හෙට කවුරු කඩුළු රැක්කත් ඔහු ක්‍රීඩා කරනු ඇත්තේ පිතිකරණයෙ දී පහළ මැද පෙළ බවය. එතැන කුසල් මෙන්ඩිස්ව අත්හදා බලන්නට අවස්ථාව තිබේ.

දැන් අපට ක්‍රමයෙන් පෙනෙමින් ඇත්තේ සනාගේ පරිනත කළමනාකරණය ය. අවිනීත ගොබ්බයින් සේ හැසිරෙමින් සිටි කණ්ඩායමේ විනය මෙන්ම තරුණ ක්‍රීඩකයින් මෙහෙයවිය හැකි පෞරුෂය පමණක් ශාස්ත්‍රීය අත්දැකීම් සහිත පුහුණුකරුවෙක් ඉක්මවා ගිය ප්‍රභාවක් ඇතිකිරීමට සමත් වී තිබේ. ක්‍රිකට් ගැන ඇතිවන හොඳම බලාපොරොත්තුව එයය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිහඬ කාලය තුළ සමාජ මධ්‍ය නිරීක්ෂණය කරන්න මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්!

Next Post

අද කොළඹ ජනාධිපතිවරණය අවසන් රැළි හේතුවෙන් ක්‍රියාත්මකවන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.