අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල් ජාත්‍යාන්තර ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම තරාගවලිය ද?

by editor
නොවැම්බර් 20, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

දහසක් බාධක මැද ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්) වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතී. තවත් දින 5කින් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අතිශයින්ම දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව ආරම්භ  වීමට නියමිත එල්.පී.එල්. රාත්‍රී ක්‍රිකට් තරගාවලියට සෞඛ්‍ය අනුමැතිය හා රජයේ අනුමැතිය ලැබුණේ  ක්‍රීඩාලෝලීන්ට පමණක් නොව මාධ්‍යයයටද ගේට්ටු විවර නොකිරීමේ පොරොන්දුව පිටය. එබැවින් තරගාවලියට සම්බන්ධවූවන් හැර ලෝකයාට පළමු වරට මෙරට පැවත්වෙන අයි.පී.එල්. තරග රටාවේ අලුත්ම තරගාවලිය ගැන දැනගැනීමට ඇති එකම මාර්ගය රුපවාහිනිය හා අන්තර්ජාලය පමණි. 

නමුත් සමාජ වෙබ් ජාලා සහ විවිධ අන්තර්ජාල පිටු ඔස්සේ තරගාවලියට සම්බන්ධ සියළු තොරතුරු පළවන්නේ ඉතා මන්දගාමී අයුරිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලියේ අයිතිය ඩුබායි නුවර පිහිටි Innovative Production Group (අයි.පී.ජී.) ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමට වසර 5කට අලෙවි කර ඇති බැවින් ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනවල ද එවැනි තොරතුරු  ඉතා අල්පය. එම තරගාවලියට අදාළව නිල වෙබ් අඩවියක් ද ක්‍රියාත්මක නොවේ. ෆේස් බුක් සහ ට්විටර් ඔස්සේ ගිණුම් දෙකක් පමණක් ක්‍රියාත්මක වන අතර, ඒවායේ ද තොරතුරු පළවන්නේ මන්දගාමී ස්වරූපයකිනි. ජයග්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානය මෙතෙක් නිරාවරණය කර නොමැත. එබැවින් තරගාවලිය ආරම්භ වනතුරුම සියල්ල පවතින්නේ අවිනිශ්චිත මට්ටමකය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලිය සමග සංසන්දනය කිරිමේදී එල්.පී.එල්. සංවිධාන ශක්තිය  ද බෙහෙවින් අසංවිධානාත්මක බව බැලූ බැල්මටම පැහැදිලිය. එසේ වුවත් මේ වනවිට තරගාවලිය පැවැත්වෙන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඒ සඳහා ලහි ලහියේ සූදානම් කරමින් පවතින අතර, කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති රජයේ සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව ජෛව බුබුලු ආරක්ෂිත ක්‍රමවේදය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් තිබේ. ඒ අනුව ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය නවාතැන් ගන්නා හෝටලයට සහ ක්‍රීඩාංගණයට පමණක් සීමා කර තිබේ. බාහිර කිසිදු පුද්ගලයකුට ඇතුල්වීම තහනම් කර ඇත. 

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් කලම්බෝ කිංග්ස්, දසුන් ශානකගේ නායකත්වයෙන් දඹුල්ල  වයිකින්ස්, තිසර පෙරේරාගේ නායකත්වයෙන් ජැෆ්නා සැටැලියන්ස්, කුසල් පෙරේරාගේ නායකත්වයෙන් කැන්ඩි ටස්කර්ස් සහ මෙතෙක්  නායකයකු නම් නොකළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන එල්.පී.එල්. තරගාවලියේ පුහුණු කටයුතු ද සිදු කෙරෙනුයේ එක් එක් කණ්ඩායම් මුණ නොගැසෙන ආකාරයෙනි. එබැවින් තරගාවලියට අදාළව අකුරටම සිදු කෙරෙනුයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය පමණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අයි.පී.ජී. සමාගම මේ තරගාවලියේ  හිමිකාරීත්වය බාරගෙන ඇත්තේ එය දකුණු ආසියාවේ අයි.පී.එල්. තරගාවලියට පමණක් දෙවැනි වන ආකාරයේ ලීග් තරගාවලියක් බවට පත් කිරිමේ අරමුණ ඇතිවය. කොවිඩ් වසංගතය හේතුවෙන් තරමක් අඩපණ වූවත් එවැනි කාර්යභාරයකට විදෙස් සමාගමක් ඉදිරිපත්වීම එක් අතකින් පැසසුමට ලක්විය යුතු කරුණකි. අනික් අතට මෙරට ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදුවනු ඇතැයි හිටපු ක්‍රීඩකයන්ගේ සහ ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ගේ අනාවැකි පළවී ඇති එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධව මීට වඩා මැදිහත්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබිය යුතුය. 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අයි.පී.ජී. යනු කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමකි. එහි අලුත්ම ගනුදෙනුකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. මේ වනවිටත් පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ආසියානු ක්‍රිකට් සම්මේලනය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඉන්දියාව, සෝනි රූපවාහිනි ආයතනය වැනි විවිධ රටවල ක්‍රිකට් ආයතන සහ තවත් ආයතන ගණනාවක් අයි.පී.ජී. සමාගමේ ගනුදෙනු කරුවෝ වෙති. ව්‍යාපෘති 250කට වැඩි සංඛ්‍යාවක් අතිසාර්ථකව ප්‍රවර්ධනය කිරිමෙන් එම සමාගම ලොව පුරා විශ්වාසනීයත්වයක් දිනා සිටී. 50කට වැඩි ගනුදෙනුකරුවන් ද, නගර 50කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත කරමින් ද එම සමාගම සිය ව්‍යාපාරය තුළින් ඩොලර් බිලියන ගණනාවක් උපයමින් සිටී. එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ කර්නාටක ප්‍රාන්තයේ උපන් අනිල් මොහාන් නමැති ඉන්දීය ජාතිකයෙකි. 

එවැනි කීර්තිමත් ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමක් සමග අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකිවීමත් එක්තරා අන්දමක ජයග්‍රහණයකි. නමුත් ඉන් උපරිම ළුල නෙලා ගැනීමට නම් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මීට වඩා කාර්යක්ෂම විය යුතු බව කිව යුතුය.

එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයන්ගේ ගැටලු තවමත් විසඳී නැත. විශේෂයෙන් ඒ සඳහා සහභාගි වනු ඇතැයි මීට පෙර සඳහන් කළ සුපිරි විදෙස් ක්‍රීඩකයන් රැසක් මේ වනවිට තරගාවලිය අත්හැර දමා ඇත්තේ ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණය සම්බන්ධ ගැටලු සහ ඔවුන් අයත් රටවල ක්‍රිකට් ආයතන මගින් ඒ සඳහා අවසර ලබා නොදීම මතය. තවත් ක්‍රීඩකයන් පිරිසක් තරගාවලියට සහභාගි නොවන්නේ කොවිඩ් වසංගතයේ අවදානම හේතුවෙනි. එබැවින් තවමත් එක් එක් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව අවසන් කර නොමැත. නම් කළ බොහෝ විදෙස් ක්‍රීඩකයන් නොපැමිණීම නිසා ආදේශ ගණනාවක් තවමත් සිදුවෙමින් පවතී. 

ඒ අතරතුර විස්සයි20 ක්‍රිකට් විශේෂඥ පන්දු යවන්නා වන ලසිත් මාලිංග සහ විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් තරගාවලියෙන් ඉවත්වීම එල්.පී.එල්. තරගාවලියේ ජනප්‍රියත්වයත්, උනුසුම් බවත් අභියෝගයට ලක් කළ සිදුවීම් බවට පත්වී තිබේ. සහභාගි වන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව දිනෙන් දින වෙනස් වීම නිසා සෑම කණ්ඩායමකම සමබර තාවයත් අඩුවැඩි වෙමින් පවතී. ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකත්වයට මුලින් නම් කර තිබූ පාකිස්තානයේ සර්ෆ්‍රාස් අහමඩ් නවසිලන්ත සංචාරය ඉලක්ක කරමින් නම් කළ පාකිස්තාන සංචිතයට ඇතුළත්වීමෙන් ඔහුට එම අවස්ථාව අහිමිව ගිය අතර, පසුව ලසිත් මාලිංග කෙරෙහි යොමුවී තිබුණත්, පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබූ බැවින් ඔහු ද තරගාවලියට සහභාගි නොවන බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග දැන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ පාකිස්තාන පිලේ හිටපු නායකයකු වන ශහීඩ් අෆ්රිඩිය. ඔහු දැනටමත් හම්බන්තොටට සේන්දුවී සිටී.

බාධක රැසක් මැද වරින් වර විදෙස් ක්‍රීඩකයන් තනි තනිව හා කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින අතර, බොහෝ ක්‍රීඩකයන් මේ වනවිටත් හම්බන්තොට ඔවුන්ගේ නිල නවාතැන වන ෂැන්ග්‍රී ලා හෝටලයේ දී සෞඛ නීතිරෙගුලාසිවලට අනුව නිරෝධායනය වෙමින් සිටිති. විදෙස් ක්‍රීඩකයන්ට තවත් පී.සී.ආර්.පරීක්ෂණ දෙකක් සිදු කිරීමට ද නියමිතව තිබේ. ඒ අතරතුර බොහෝ කණ්ඩායම් පුහුණුවීම් ද ආරම්භ කර තිබේ. එහෙත් තවමත් ක්‍රීඩකයන් ආදේශ කිරීම් සිදුවෙමින් පවතිනුයේ අවසන් මොහොත දක්වා තරගාවලිය කෙසේ පැවැත්වෙන්නේදැයි සිතාගැනීමට ක්‍රීඩාලෝලීන්ට කිසිදු හෝඩුවාවක් පවා ලබා නොදෙමිනි.

කණ්ඩායම්වල විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අඩුවැඩී වීම නිසා තරගාවලියේ වැඩි බරක් කරට ගැනීමට දේශීය ක්‍රීඩකයන්ට සිදුවනු ඇත. තරගකාරීත්වය ඉහළින්ම පවත්වාගෙන යෑම එහි අනාගතයට වැදගත් සාධකයකි. නමුත් ප්‍රබල විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය නොලැබීමත්, තරගාවලියට අවශ්‍ය උත්තේජනය සැපයීමට ක්‍රීඩාංගණයට එක්රොක්වීමට කොවිඩ් වසංගතය නිසා ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් නොලැබීමත් නිසා එල්.පී.එල්. තරගාවලිය එක අතකින් මෑත කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වඩාත්ම අවාසනාවන්ත ලීග් විස්සයි20 තරගාවලියක්  බවට පත්වීමෙන් වළක්වා ගැනීමට නම් සිදු විය යුත්තේ තරගාවලියේ නිවේදන, ක්‍රීඩකයන්ගේ තොරතුරු, විවිධ ඡායාරූප හා උණුසුම් පුවත් ජනතාව අතරට රැගෙන යෑමට මාධ්‍යයට අවශ්‍ය පසුබිම සකස් කර දීමය. එහි වගකීම ඇත්තේ තරගාවලියේ හිමිකාරීත්වය දරන ඩුබායි සමාගමට නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇක්සස් සභාපති සුමල් ජාතික යුතුකම වෙනුවෙන් ආයෝජනයකට සැරසෙයි

Next Post

රත්ගම විදුරගේ කුඩු කිලෝ 100ක් වැලිගමදී අල්ලයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.