මෙවර ජනාධිපතිවරණයට අදාළව පසුගිය 4, 5 සහ 6 දිනවල තැපැල් ඡන්ද භාවිත කිරීම මග හැරුණු ඡන්ද දායකයින් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමේ අවස්ථාව මේ වනවිට විවෘත වී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ සඳහා අද (11) සහ හෙට (12) අවකාශය ලබා දී ඇති බවත් මෙම දෙදින තුළ ඡන්දය භාවිතා නොකරන ඡන්ද දායකයන් සඳහා වෙනත් කිසිදු දිනයක ඡන්දය භාවිතා කිරීමට නොහැකි බවත්ය..
අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව ඇත.







