-
කිසිම දියවඩන නිලමේ කෙනෙකුගේ ඉතිහාසයේ දළදා වහන්සේ මේ තරම් හෑල්ලුවට ලක් වෙලා නෑ… මේක හුදකලා සිද්ධියක් නෙමෙයි.
දළදා මාලිගාව යනු දළදා වහන්සෙ වැඩ සිටින උතුම් පුණ්‍ය භූමිය බැවින් එහි ගෞරවයට හානි සිදුවන ආකාරයේ කිසිදු කාර්යයකට ඉඩ නොදිය යුතුයැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි.
දළදා මාලිගාව තුළ නව යුවළක් ෆ්‍රි ෂූට් හෙවත් පුර්ව මංගල ජායාරූප ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු දියවඩන නිලමේවරයා පවසන්නෙ එවැනි කාර්යයන්ට ලෝක බෞද්ධයන්ගෙ මුදුන්මල්කඩ වු දළදා මාලිගාව භාවිතා කිරිම නුසුදුසු බවය.

තමන්ගේ නිල කාලය තුළ හා තම පියා දියවඩන නිලමේ ධුරය දරන කාලය තුළවත් , ඉතිහාසයේ සිටි කිසිදු දියවඩන නිලමේවරයකුවත් මෙලෙස දළදා වහන්සේට අබමල් රේණුවක තරමින්වත් අපහාස උපහාස වන ආකාරයේ සිදුවිම් කිසිවකට ඉඩ නොදුන් බවත් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසයි.
මෙම යුවළට හා කැමරා ශිල්පියාට හිතුමතේ මෙවන් ක්‍රියාවක් කළ නොහැකි බවත් ඒ සඳහා ඉඩ ප්රස්ථා ලබාදෙමින් පහසුකම් දුන්නේ කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් හිටපු දියවඩන නිලමේවරයා පවසයි.
මහත් බැතියෙන් දළදා මැදුරට පැමිණෙන දරුවන් ජායාරූප ගැනිමට යාමේදි ඊට බාධාකරන සේවකයන් හා පොලිස් නිලධාරින්, මෙම මංගල ජායාරූප ගැනිම නොදුටු බවක් කියන්නේනම් එය කිසිසේත්ම පිළිගත නොහැක්කක් බවද හෙතෙම කියයි.
පැරණි සම්ප්‍රදායන් බිඳදමා ලේකම්වරු අධ්‍යක්ෂකවරුන් ඇතුළු සේවකයන් අතිවිශාල පිරිසක් පත්ව සිටින මේ යුගයේදි දළදා මාලිගාවෙි මෙවන් සිදුවීම් හුදකලාව සිදුවිය නොහැකි බවද හිටපු දියවඩන නිලමේ වරයා පවසයි.
දළදා වහන්සේට අගෞරවයක් සිදුවන මෙවන් ක්‍රියාවන් ඉදිරියටත් සිදුවිය හැකි බැවින් මෙයින්ම මෙය නතර කිරිමට මහනාහිමිවරුන්ගෙ මෙන්ම සෙසු බලධාරින්ගෙ අවධානය යොමුකළ යුතු බවත් හිටපු දියවඩන නිලමේවරයා පෙන්වා දෙයි.
මෙහෙම ගියහොත් ඉදිරියේදි ඓතිහාසික මඟුල් මඩුවේ මංගල උත්සව පවා ගැනිමට සුදානම් වේවියැයි බොහො බෞද්ධ නායකයන් තමන් සමඟ සංවේගයෙන් පැවසු බවද හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් පැවසීය.







