ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ ආර්ථික කරුණුවල යටිපෙළ මුළුමනින්ම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘතිය විනාශ කර දැමීමක් බවත්, ඒ අර්ථයෙන් ගත් කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගොඩනගන තර්කය නිවැරදි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අද මාධ්‍යයට අදහස් දක්වමින් ආචාරය හර්ෂ ද සිල්වා ජාතික ජන බලවේගයට තමන් ඉදිරිපත් කරන කරුණුවල පාදනම සාධනය කරන ලෙස අභියෝග කරමින් ප්‍රකාශ කළේ අයි.එම්.එෆ් වැඩසටහන සම්බන්ධ මේ පදනම් කරුණු මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කර ඇත්තේ එක්කො සමස්ථය රැවටීමට බවත් නොමැති නම් කිසිවක් නොදන්නා කමට බවත්ය.
ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රතිපත්ති ප්රකාශනයේ පාඨයක් උපුටා දක්වමින් මෙසේ සිය තර්කය ඉදිරිපත් කළේය.
“ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින් අවශ්‍යතා අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිතා කිරීම සඳහා විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක් පිළියෙළ කිරීම…”
දැන් මේ ණය තිරසර කරන විශ්ලේෂණයක් කියන්නේ මොකක්ද. ඒ කියන්නේ ඩෙට් සෙස්ටේනබිලිටි ඇනාලසිස් ( Debt Sustainability Analysis). දැන් සම්පූර්ණ අයි.එම්.එෆ් ප්‍රෝග්‍රෑම් එක රඳා පවතින්නේ මේ Debt Sustainability Analysis (DSA) කියන එක මත. මේක තමයි පදනම. එතකොට මේ DSA එක වෙනස් කරලා විකල්ප ඒ කියන්නේ ඕල්ටනෙටිව් ඩි.එස්.ඒ (Alternative DSA) එකක් හරහා මේ අයි.එම්.එෆ් වැඩපිළිවෙළ නැවත සමාලෝචනය කරනවා කියන්නේ අයි.එම්.එෆ් එක ඉවරයි. ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. මේක හරිම පැහැදිලියි.
එතකොට ආයේ ප්‍රොග්‍රෑම් එකට යන්න බෑ. අපට තියනවා ඩෙට් සෙස්ටේනබිලිටි ඇනාලසිස් පැරාමීටර්ස් (Debt Sustainability Analysis Parameters) කියලා. අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕන මේ පරාමිතීන්ට අනුව. එතකොට ඒවා කරන්න නම් අයවැයේ ප්‍රාථමික ගිනුමේ සියයට 2.3ක අතිරික්තයක් තබා ගන්න ඕන.
එතකොට මේ උපකල්පන ( Assumptions) එක්ක තමයි අර DSA එක හදන්නේ. ඒ DSA එක මත තමයි මුලු ප්‍රෝග්‍රෑම් එකම රඳා පවතින්නේ. එතනදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක හරි. ඒ කියන්නේ DSA එක වෙනස් වෙනවා නම් මේ ඔක්කෝම වෙනස් වෙන්න ඕන.
දැනටම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක කරලා ඉවරයි. එතකොට මේ කියලා තියෙන්නේ මහා භායනක දැවැන්ත දෙයක්. විකල්ප DSA එකක් ඕන කෙනෙකුට කරන්න පුලුවන්. ඒක හැදුවට ඒක බාරගන්නේ නෑ අයි.එම්.එෆ් එක.
හරි මම අභියෝග කරලා කියනවා. තව දවස් විසි ගණනක් තියනවා. පෙන්වන්න අපට අයි.එම.එෆ් එක බාරගන්නවා කියලා විකල්ප DSA එකක්. ඒක වෙන්නේ නෑ. එක්කො මේ කියන්නේ හැමෝම මුලා කරන්න. එහෙම නැතිනම් මේ කියන්නේ දැනුම්වත් කමක් නැති නිසා.







