කළු සල්ලි සුදු කරන වියදම් ව්‍යාපෘති හරහා යම් ආකාරයකට ප්‍රසිද්ධ වීමේ අපේක්ෂාවක් ඇතැම් ජනපති අපේක්ෂකයින් තුළ තිබෙන්නේ දැයි හැඟෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
කිසිදු ආකාරයකින් ජාතික වශයෙන් දේශාපලන කටයුතු වන නිරත නොවු පුද්ගලයින් ද ජනාධිපති ධූරයට තරග වැදීම සඳහා නාම යෝජනා ලබා දීමෙන් මේ බව පැහැදිලි වන්නේ යැයි අගමැතිවරයා පෙන්වා දෙයි.
මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ඊයේ (18) මහනුවරට පැමිණි අවස්ථාවේ අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනපතිවරණයට මෙවර 39 දෙනෙකු නාම යෝජනා බාරදී තිබෙන්නේ එමගින් යම් වරප්‍රසාදයක් ලැබෙන නිසාදැයි මල්වතු මහනාය හිමියන් විසමූ පැනයට අගමැතිවරයා විසින් පිළිතුරු ලබා දෙමිනි.
ජයග්‍රහණය කරන්නට නොහැකි බව දැන දැනත් මුදල් වලට කරන්නට යමක් නැති නිසා ඇතැම් පුද්ගලයින් ද ජනපතිවරණයට නාම යෝජනා ලබාදී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි මෙහි දී මල්වතු මහානාහිමියෝ පැවසූහ.
එහි දී අගමැති දිනේෂ් ගුණවර්ධන පෙන්වා දී ඇත්තේ ජනපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇති අවශ්‍යතා සපුරා ඇත්නම් ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාවක් ඇති බවය. මේ ව්‍යවස්ථාපිත හිමිකම උපයෝගී කරගෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පවතින ඉඩකඩ ඇහිරී යා හැකි ආකාරයෙන් කටයුතු සිදුවිය හැකි ආකාරයත් අගමැතිවරයා පැහැදිලි කර තිබිණි. .







