සූරියවැව නුවන් ජයසේකර –
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද (18) දින කතරගම පුදබිමට පැමිණියේය.
කතරගම පුදබිමට පැමිණි නාමල් රාජපක්ෂ කිරිවෙහෙර රජමහා විහාරයට පැමිණි කිරිවෙහෙර රජමහා විහාධිකාරී තලගල ඥානින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ගොස් පුද පුජා පවත්වා ආශිර්වාද ලබා ගැනිම සිදුකෙරුණි.







