කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ගම්පහ, කෑගල්ල, නුවර, නුවරඑළිය, කොළඹ. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට රතු වර්ණය සහිත ඉහළ අනතුරු ඇඟවීමක් සහිතව එම නිවේදනය නිකුත් වී ඇත.
එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මීලි මීටර 150කට අධික ඉතා තද වර්ෂාවක් ඇතිවිය හැකි බවය.
ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලිස්වභාවය හේතුවෙන් මෙම වර්ෂා කාලගුණ තත්ත්වය ඇති වී තිබේ.
කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
කුඩා ගඟ දෙපස සිටින ජනතාව තවදුරටත් විමසිලිමත්ව සිටීම ඉතාමත් වැදගත් වන බවත් . මිලිමීටර් 200 ඉක්මවූ වැසි ලැබීම හේතුවෙන් නායයෑමේ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධානයෙන් සිටිය යුතු බවට දන්වා සිටින දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් (ඇම්බර් වර්ණය) සහිතව දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 19ක් වෙත නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කය:
යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව
කළුතර දිස්ත්‍රික්කය:
මතුගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල
කෑගල්ල දිස්ත්‍රික්කය:
දෙහිඕවිට, දැරණියගල, වරකාපොළ, බුලත්කොහුපිටිය
මාතර දිස්ත්‍රික්කය:
පිටබැද්දර
රත්නපුර දිස්ත්‍රික්කය:
කලවාන, රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැළියගොඩ, නිවිතිගල







